''සිකා” ගැන දැනුවත් වී පැතිර යාම වළකමු !

''සිකා” වෛරස් රෝගය මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ 1947 දී උගන්ඩාෙවි රීසස් වදුරන් ඇසුරිනි. 1952 දී උගන්ඩා හා ටැන්සානියානු ජාතිකයන් අතර ...

''සිකා” ගැන දැනුවත් වී පැතිර යාම වළකමු !''සිකා” වෛරස් රෝගය මුලින්ම නිරීක්ෂණය කරන ලද්දේ 1947 දී උගන්ඩාෙවි රීසස් වදුරන් ඇසුරිනි. 1952 දී උගන්ඩා හා ටැන්සානියානු ජාතිකයන් අතර මෙම රෝගය මුලින්ම වාර්තා විය. එතැන් සිට අප‍්‍රිකාව, ඇමරිකාව, ආසියාව සහ සැසිෆික් දුපත්වල විටින් විට මෙම රෝගය වාර්තා වී ඇත. 2014 මාර්තු මාසයේ දී පළමුවෙන්ම චිලි දේශයෙන් වාර්තා වූ මෙම රෝගය 2015 දී ප‍්‍රධාන වශයෙන් වාර්තා වුයේ දකුණු ඇමරිකාවේ බ‍්‍රසීලය සහ කොළොම්බියාවෙනි. මේ සමග දකුණු ඇමරිකානු රටවල් 13 කින් පමණ ‘‘සිකා” රෝගීන් වාර්තා වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මෙම රෝගය පැතිරෙන්නේ ඊඩිස් ගණයේ මදුරුවන් මගින් වන අතර, මොවුන් මීට අමතරව ඩෙංගු, කහ උණ හා චිකන්ගුන්යා වැනි රෝග ද පතුරවයි. ඊඩිස් මදුරුවා දිවා කාලයේ දෂ්ඨ කරන අතර, මිනිස් වාසස්ථාන ඇතුළත හා පිටත වාසය කරයි. රෝගී පුද්ගලයෙකුගෙන් ලේ උරා බොන විට මෙම වෛරස මදුරුවා තුළ ට ඇතුළුවන අතර, පසුව එම මදුරුවන් දෂ්ඨ කිරීම මගින් රෝගය නිරෝගී පුද්ගලයන්ට පැතිරේ.

මෙම වෛරසය ආසාදනය වූ අයගෙන් සියයට 20 කට පමණ රෝග ලක්ෂණ ඇති වේගන. උණ, සෙම් ඇතිවන කුෂ්ඨ, හන්දි වේදනාව සහ ඇස් රතුවීම ප‍්‍රධාන රෝග ලක්ෂණ වන අතර, මීට අමතරව හිසරදය, මස්පිඩු වේදනාව, කකුල් ඉදිමීම හා ඇස් අවට ඇතිවන වේදනාව දැක්විය හැක. මෙය බරපතල රෝගී තත්ත්වයක් නොවන අතර, රෝග ලක්ෂණ දින 02 සිට දින 07 ක් දක්වා පැවැතිය හැකිය. රෝහල් ගත කිරීමට තරම් උග‍්‍රම රෝගය වැළදෙන්නේ ඉතාමත් විරළ වශයෙන් වන අතර, මේ දක්වා තහවුරු වූ මරණ කිසිවක් වාර්තා වී නොමැත.

ගර්භනී කාන්තාවන්ට මෙම වෛරස් රෝගය වැළදීමෙන් විවිධ සංකූලතා ඇතිවන බවට වාර්තා පළ වුවත්, පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි මගින් එසේ වන බවට මේ දක්වා තහවුරු කර නොමැත.

උණ, සෙම් ඇතිවන කුෂ්ඨ, හන්දි වේදනාව, මස්පිඩු ෙවිදනාව සහ ‘‘සිකා” රෝගය ඇති ප‍්‍රදේශයක සති දෙකක් තුළ සංචාරය කර ඇති අය ‘‘සිකා” රෝගීන් ලෙස සැක කළ යුතුය. ඡුඍක්‍ (වෛරස් සම්බන්ධව සිදු කරනු ලබන තාක්ෂණයෙන් ඉහළම පරීක්ෂාව) මගින් සහ ලේ සාම්පල වලින් වෛරසය වෙන් කර ගැනීම මගින් රෝගය තහවුරු කර ගත හැක.

සාමාන්‍යයෙන් ‘‘සිකා” රෝගය සුළු රෝග ලක්ෂණ ප‍්‍රමාණයක් පෙන්වන අතර, ඒ සදහා විශේෂ ප‍්‍රතිකාර අවශ්‍ය නොවන තරම් ය. රෝගියාගේ ස්වභාවය හා රෝග ලක්ෂණ අනුව ප‍්‍රතිකාර නියම කෙරේ. හොදින් විෙවික ගැනීම, ප‍්‍රමාණවත් පරිදි දියර වර්ග පාවිච්චි කිරීම, උණ සහ වේදනාව සමනය කිරීමට පැරසිටමෝල් ඖෂධ භාවිතා කිරීම රෝගය සදහා ප‍්‍රතිකාර ලෙස නියම කෙරේ. ෙමි කාලය තුළ දී ඇස්ප‍්‍රීන් හෝ ඩිස්ප‍්‍රීන් කාණ්ඩයේ ඖෂධ ලබා නොදිය යුතුය. රෝගී තත්ත්වය දරුණූ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

මීට අමතරව ඩෙංගු රෝගය මර්දනය කිරීමට භාවිතා කරනු ක‍්‍රමෙවිදයන්ම ‘‘සිකා” රෝගය පාලනය කිරීම සඳහා උපයෝගී කර ගන්නා ලෙසත් මෙම රෝගය පිළිබඳ අනියත බියක් ඇතිකර ගත යුතු නැති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටී.

නිපුන් ඒකනායක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්,

මෙම රෝගය පිළිබඳ ජනතාව දැනුවත් වීමෙන්, දැනට පවතින තත්ත්වය අනුව මෙම ලංකාව තුළ පැතිරයාමේ අවදානම ඉතාම අවම වේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

සුව අසපුව 5120567371788105434

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item