දාහත් හැවිරිදි ශිෂ්‍යයාට අතවර කළ විදේශිකයා අත්අඩංගුවට
60 හැවිරිදි වයෝවෘද්ධ ධන කුවේර ඉතාලි ජාතිකයකුගේ විකෘති කාමාශාවන් සංසිඳවා ගැනීම සඳහා 17 හැවිරිදි සිසුවකු බිලිදී රුපියල් 1000 නෝට්‌ටු බණ්‌ඩල...
http://www.sathhanda.com/2016/01/blog-post_514.html
60 හැවිරිදි වයෝවෘද්ධ ධන කුවේර ඉතාලි ජාතිකයකුගේ විකෘති කාමාශාවන් සංසිඳවා ගැනීම සඳහා 17 හැවිරිදි සිසුවකු බිලිදී රුපියල් 1000 නෝට්‌ටු බණ්‌ඩලයක් ලබාගත් බව කියන සංචාරක මාර්ගෝපදේශකයකු සහ එම විදේශිකයා මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක සුදත් බණ්‌ඩාර මහතා විසින් (24 දා) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් විදේශිකයා සිරි කිලෝ පස්‌වාලි (60) නමැත්තකු වන අතර අත්අඩංගුවට ගත් සංචාරක මාර්ගෝපදේශකයා රාජකාන්තන් සායි ප්‍රසාදි (18) නමැත්තෙකි. පොලිස් පරීක්‍ෂක සුදත් බණ්‌ඩාර මහතා විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙම අතවරයට මුහුණ දුන් සිසුවා මීගමුව ප්‍රදේශයේ මධ්‍ය මහා විදුහලක 11 වසර පංතියේ ඉගෙනුම ලබන 17 හැවිරිදි අයකු බවයි. ඔහු මීගමුව ඒත්aතුකාල ප්‍රදේශයේ පදිංචිව සිටී,
මෙම සිද්ධියට සිසුවා මුහුණ දුන් අවස්‌ථාවේ ඔහු තම නිවස අසල මාර්ගයේ යමින් සිට ඇත. බැටරි බැස තිබෙන ත්‍රිරෝද රථය පණගන්වා ගැනීමට තල්ලු කිරීමට ආධාර වන ලෙසට තැරැව්කරුවන් විසින් සිසුවාට පවසා ඔහුව රවටා උපක්‍රමශීලීව සංචාරක ලැගුම්හලක් වෙත කැඳවාගෙන ගොස් සිසුවා සංචාරකයාට බිලිදී රුපියල් 1000 නෝට්‌ටු බණ්‌ඩලයක් ලබාගෙන තිබේ.
ඒ බව සිසුවා විසින් දෙනු ලැබූ සාක්‌ෂිවලදී අනාවරණය විය. විදේශිකයාගේ අතවරවලින් අනතුරුව සිසුවා තම වැඩිහිටියන් සමඟ පැමිණ අතවරය පිළිබඳව මීගමුව පොලිසියට පැමිණිලිකර ඇත. අත්අඩංගුවට ගත් විදේශිකයා සහ තැරැව්කරු අධිකරණය හමුවට පැමිණවීමට පොලිසිය කටයුතු යොදා ඇත.
Related