නැවුම් සන්ධානය අත ළඟයි - නූතන විජිතපුර සටනට අපි සූදානම්

පිවිතුරු හෙළ උරුමයේ මහරගම ජන සභාව පිහිටුවීමේ උත්සවයේ දී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය. නූතන විජ...

පිවිතුරු හෙළ උරුමයේ මහරගම ජන සභාව පිහිටුවීමේ උත්සවයේ දී එම පක්‍ෂ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මෙසේ අදහස් පල කලේය.

නූතන විජිතපුර සටනට අපි සූදානම්

අපි මේ දිනවල අප පක්ෂයේ ආසන ජනසභා ගොඩනගමින් යනවා. අපේ පක්ෂය ගොඩ නගල වසරක් වුනාට අපි පාර්ලිමේන්තු මැතිවරණයට පවා මුහුණ දුන්නේ ආසන ජනසභා ගොඩනැගීමෙන් තොරවයි. අපි ජාතික මට්ටමිනුයි මේ දේශපාලණය කලේ. මේ විදිහට අපි අපේ ජාලය ගොඩ නගන්න පටන්ගැනීමෙන් අදහස් වෙන්නේ මීලග සටනට සේනා සංවිධානය කරනව කියන එකයි.

එදා ගැමුණු කුමාරයා ගමින් ගමට යමින් රණශූර දරුවන් තෝරාගනිමින් පුහුණු කලා සේ අද අපි දේශපාලණ අරගලයට ජනතාව පුහුණු කරමින් ඉන්නවා. මොකද අපේ විජිතපුර සටන ලග ලගමහ එනවා කියල අපිට පේන නිසා.

අවුරුදු පහකට මේ ආපු ආණ්ඩුව ගෙදර යවන ආණ්ඩුවේ ඉරණම තීරනය කරන විජිත පුර සටන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පවත්වන ජනමත විචාරනයේදී මේ ව්‍යවස්ථාවට ජනතාවගෙන් නැගෙන විරෝධය විතරක් නෙවෙයි අවුරුද්දක් මේ රට කාපු මේ ආණ්ඩුවට තියෙන විරෝධයත් පෙන්නන්න අපි ලෑස්ති. ඔය ව්‍යවස්ථාව හැකි ඉක්මනින් අරන් එන්න ජනතාව ලවා ආන්ඩුවයි ව්‍යවස්ථාවයි එකට තියා පරාජය කිරීමට අපි කටයුතු කරනවා.

සිරිසේන ජනපතිතුමනි, ඔබ නොදනී මුළු රටටම දනී

උතුරෙ ඉදන් සම්බන්ධන් විග්නේෂ්වරන් මැතිතුමන්ල කියනවා මේ ව්‍යවස්ථාව අනිවාර්යෙන්ම ෆෙඩරල් වෙන්න ඕනි කියල. ඒවගේම දකුනෙ ඉදන් පා.ච. රණවක මැතිතුමන් කියනවා රටේ ඒකීය භාවයට අතතියන්න දෙන්නෑ කියල. එකම ව්‍යවස්ථාවක් ෆෙඩරල් වෙන්නත් ඒකීය වෙන්නත් පුළුවන්ද කිචයන ප්‍රශ්නය රටේ ජනතාවට දැන් ඇතිවෙනවා. මේ ආණ්ඩුවට ෆෙඩරල් භාවයෙන් මිදෙන්න බෑ. අන්න ඒ නිසා තමයි මේ ආණ්ඩුව බලයට පත්වෙලා දෙසතියක් යන්නට කලින් 2015.01.17 වනදා ඉන්දීයාවේ NDTV නාලිකාවට අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ අපි ගේන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාවක් කියල. මේ ආණ්ඩුව ජ්‍යාත්‍යන්තරයට පොරොන්දු වෙලා ඉවරයි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේනව කියල. මේ ආණ්ඩුව දෙමල ජනතාවගේ ඡන්ද ගන්න බෙදුම්වාදී අරමුදල් ගන්න බෙදුම්වාදී සංවිධානවලට පොරොන්දුවෙලා ඉවරයි ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගේන්න. අද මේ ආණ්ඩුව මැතිවරණ ජය පතා දුන් ඒ පොරොන්දු ඉටුකරගන්න බැරිව හිරවෙලා ඉන්නවා. කුම්බලාවෝ කෑවානම් විදවාපන් බලලෝ කිව්වළු.

බලය බෙදන්න පොරොන්දු දීල තියෙද්දි ජනපතිතුමන් අපිව රවට්ටන්න බීබීසී සිංහල සේවයට කියනවා මට අළුතෙන් ව්‍යවස්ථාවක් හදන්න කියල බලය බෙදන්න කියල ජ්‍යත්‍යන්තර බලපෑම් ඇත්තෙත් නෑ. එහෙම බලපෑම් වලට මම යටත්වෙන්නෙත් නෑ කියල. හැබැයි ජනපති තුමනි ඔබතුමන් මෙහෙම කියද්දි ඔබතුමන් නොදන්නවා වුනාට ඔබතුම්නගේ විදේශඇමති මංගල සමරවීර මහතා පසුගිය සැප්තැම්බරයේ ජිනීවා ගිහිල්ලා අපේ ව්‍යවස්ථාවෙන් වැඩි වැඩියෙන බලය බෙදන්න රට ෆෙඩරල් කරන්න ජ්‍යත්‍යන්තරයට එකගවෙලා ඉවරයි. ජිනීවා යෝජනාවේ 16 වෙනි වගන්තිය කියවා තේරුම්ගන්න කියලා අපි ජනපතිතුමන්ට මතක්කර සිටිනවා.

අපේ ජනපතිතුමන් වැඩි වැඩියෙන් බලය බෙදන්න රට ෆෙඩරල් කරන්න ජිනීවා වලදි එකගවුනා කියල දන්නෑ. ශ්‍රීලනීපයේ මැතිඇමතිවරුන් FCID ගෙනියනව කියල දන්නෙත් නෑ. රට බේරාගත් හමුදා ප්‍රධානීන් පොලීසියෙන් අරන්ගිහින් ප්‍රශ්නකලා කියල දන්නෙත් නෑ. විල්ප්තතුව රිෂාඩ් බදුර්දීන් එලිකරමින් සිටිනවා කියල දන්නෙත් නෑ. හැබැයි ඉතින් විල්පත්තුවටත් වඩා විශාල ඇදුමක් විසිකල බවනම් එතුමන් දන්නවා. එතුමා දන්නෙ ඔච්චරයි.

ෆෙඩරල් ව්‍යවස්ථාව තුල පා.ච. සහ සම්බන්දන් භූමිකාව

අද මේ ආණ්ඩුවට දෙමළ බෙදුම්වාදීන්ගේ බලපෑමේන් මිදෙන්න බෑ. ඒ නිසා ෆෙඩරල් දෙන්න මේ ආණ්ඩුව අමුතුම ගැටයක් ගහනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තියේ කියනවා මේ රට ඒකීය බව. මේ ආණ්ඩුව මේ වගන්තියට අත තියන්නෑ. රටේ ඒකීය භාවය පිලිබද වගන්තිවලට අත තියන්නෑ කියල පා.ච. රණවක ඇමතිතුමන් කියන්නේ ඇත්ත. නමුත් ඒ වගන්තිය එහෙමම තියාගෙන රට ෆෙඩරල් කරන වගන්ති ටික ව්‍යවස්ථාවේ මැදට ඇතුල් කරනවා. නමට ඒකීය වැඩට ෆෙඩරල් ව්‍යවස්ථාවක් තමයි මේ එන්නේ.

බාලිකා පාසල්වලින් නාට්‍ය ඉදිරිපත් කරද්දි ගෑනු ලමයි තමයි පිරිමි චරිතත් කරන්නේ. සරමක් ඇදල කමිසයක් ඇදල මූනෙ රැවුලකුත් ඇදගෙන ගෑනු ලමයි තමයි පිරිමි චරිතය කරන්නේ. පෙනුමට කොල්ලෙක් උනත් සැබැවින් කොල්ලෙක් නෙමෙයි. ගේන ව්‍යවස්ථාවත් ඔන්න ඔය වගේ තමයි.

දැන් මේ නව ව්‍යවස්ථාවෙ ඒකීය භාවය තියෙනවා ඒ නිසා සිංහල අය කලබල වෙන්න එපා කියල පාච රණවක මැතිතුමන් දකුනේ රැස්වීම් තියාගෙන යද්දි සම්බන්දන් විග්නේශ්වරන් දෙබෑයො අපිට ඕන බලය බෙදීමේ වගන්ති ටික දාගත්තා ඒනිසා මේකට ඡන්දෙ දෙන්න කියල උතුරේ රුස්වීම් කරගෙන යනවා. මේ ගැටේ ගහගන්න තමයි දේශපාලණික වශයෙන් අනාථවෙලා හිටිය රණවක ඇමතිතුමන්ව එජාපයට අරගෙන නාමයෝජනා දීල ඇමතිධූරයක් දුන්නේ. එතුමා තමන්ගේ රාජ කාරිය අපූරුවට කරනවා. අවුරුදු 60ක් හැත්තෑවක් තිසිසේ මේ ගැට දැකලා පත්තියන් වෙලා ඉන්න නිසා මෙදා පොටේ මේ ගැට වලට අපි අහුවෙන්නෑ කියන එක අපි ආණ්ඩුවට සිහිපත් කරනවා.

ෆෙඩ්රික් නෝර්ත් සිංහලේ ගැන කියූ කතාව

මේ බෙදුම්වාදී බලවේග ඉතිහාසය පුරා රට ෆෙඩරල් කරන්න උත්සහ කළා. 1958 පටන්ගත්තේ. මහා සංඝරත්නය රොස්මිඩ් වලව්ව වට කරලා ඒ අවස්ථාවේ රට බේරාගත්තා. එදා මෙදා තුල අපේ රට ෆෙඩරල් කරන්න උත්සහ කළ සෑම අවස්ථාවකම අපේ රට බේරාගත්තේ මහා සංඝ රත්නයයි. දබාවැව රතනසාර ස්වාමීන් වහන්සේ සිය ජීවිතය මේ වෙනුවෙන් පූජාකළා. අපහාස උපහාස විදිමින් නොයෙකුත් තාඩන පීඩන පහරදීම් වලට ලක්වෙමින් තම උරුමය රට රැකීමය කියල, ජාතියේ මුරදේවතාවෝ කියන වචනයේ පරිසමාප්ත අර්ථවෙන්ම කටයුතු කරමින් අපේ දේශය බේරාගන්න මහා සග රුවන පෙරට ආවා.

මෙන්න මේක දැක්ක නිසා තමයි ජෝන් ඩොයිලිව උපුටා දක්වමින් ෆෙඩ්රික් නෝර්ත් ආණ්ඩුකාර වරයා යටත් විජිත භාර මහලේඛම්ට ලිපියකින් දැනුම් දෙන්නේ සිංහලේ යටත්කරගැනීම ලෙහෙසි නෑ. සිංහලේ ජවතාව රජතුමාටත් වඩා දිසාවෙටත් වඩා කෝරලේටත් වඩා ඇහුම්කන් දෙන්නේ පන්සලේ හාමුදුරුවන්ටයි. සිවුරු පොරවාගත් මේ කහ හමුදාව හා සිංහලේ ජනතාව අතර ඇති බැදියාව කඩන තුරාවට සිංහලේ යටත්කිරීම ඉංග්‍රීසීන්ට සිහිනයක් විතරයි.

මේ පාඩම ඉගෙනගත් නිසා 1958 ඉදන් 2003 වෙනකම්ම විවිධාකාරයේ ෆෙඩරල් යෝජනා මහා සංඝරත්නයේ උපවාස සත්‍යක්‍රියා තුලින් පරාජයට පත්කරන්න පුළුවන් වුනු නිසා මේ නව ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමේ මූලික කොන්දේසිය වෙන්නේ භික්ෂූන් වහන්සේගේ කොදු නාරටිය බිදීමයි. ඒ සදහා තමයි අළුත් ව්‍යවස්ථාවේ කස කරුවා විදිහට භික්ෂු කථිකාවත් පණත ගේන්නේ. මේ පනත හරහා ඔවුන් උත්සහ කරන්නේ ව්‍යවස්ථාවට එරෙහිව භික්ෂුන් වහන්සේ පාරට බහින එක නතරකරගන්නයි.

භික්ෂුන් වහන්සේට දේශපාලණය අකැපද ?

අද භික්ෂුන් වහන්සේ දේශපාලනයේන ඈත්කරන්න කථා කරනව කියන්නේ බුදුන්වහන්සේටත් එරෙහිව යනව කියන එක. එදා බුදුරජානන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන විට කොසොල් මහ රජතුමන් තීර්ථකයන්ගෙන් තුටු පඩුරු අරගෙන ජේතවනාරාමයට එහා පැත්තේ ඉඩම තීර්ථකයන්ට ලබාදෙනවා ආරාමයක් ඉදිකරන්න. තීර්ථකයන් විසින් ආරාමය ඉදිකරද්දි අනද හිමියන් ඒ වග බුදු හිමියන්ට දැනුම් දෙනවා. මේ ඝෝෂාකාරී තීර්තකයන්ගේ ආරාමය ජේතවනාරාමය අසලින් ඉවත් කරන ලෙස කොසොල් රජතුමන්ට දැනුම් දීමට බුදු හිමියන් ආනන්ද තෙරණුවන් පිටත්කර හරිනවා. නමුත් ඒ වනවිටත් කොසොල් රජතුමන් තීර්ථකයන්ගේ තුටු පඩුරු ලබාගෙන සිටි නිසා රජතුමා විරෝධය නොතකා තීර්ථකාරාමයේ කටයුතු කෙරෙන්න ඉඩ හැරියා. ඉන්පසු බුදුහිමියන් විසින් සැරියුත් හිමියන් කොසොල් රජතුමන් වෙත පිටත් කලා . නමුත් කොසොල් රජතුම්නට ලැබිච්ච තුටු පඩුරු බොහොම ඉහලයි. දැන් කාලේ NGO වලින් ලැබෙනව වගේ ලොකු එකක් තමයි ලැබිල තියෙන්නේ . ඒ නිසා රජතුමා විරෝධය නොතකා තීර්ථකාරාමයේ කටයුතු කෙරෙන්න ඉඩ හැරියා. එවිට බුදුහිමියන් විරෝධය පලකරගෙන පාගමනින්ම කොසොල් රජතුමන් වෙත ගොස් ඒ තීර්ථක ආරාමය ඉදිකිරීම නතර කලා. බුදුරජාණන් වහන්සේට පාගමනින් කොසොල් රජ මැදුරට ගිහින් විරෝධය පළකල හැකිනම් අපේ මේ ස්වාමීන් වහන්සේලා මේ ව්‍යවස්ථාවට එරෙහිව අරලිය ගහ මැදුරට එනකොට ඒක විනය විරෝධී කියන්න නීති ගේන්නේ කොහොමද? බුදුහිමි ගත්මග ගැනීම නීතිවිරෝධී වෙන්නෙ කොහොමද කියන ප්‍රශ්නය අපි ආණ්ඩුවෙන් අහනවා.

ඒ වගේම බුදුහිමියන් සෘජුවම දේශපාලණයට මැදිහත්වුනා. බුදු දහමේ සූත්‍ර ගණනාවකින් කියවෙනවා රජුන් රටපාලනය කලයුත්තේ කොහොමද කියන එක. සූත්‍ර පිටකයේ කොසොල් සංයුක්තියේ තියෙන්නේ කොසොල් රජතුමන් සහ බුදුරජාණන් වහන්සේ අතර රටේ ප්‍රශ්න ගැන ඇතිවෙච්ච සංවාද සාකච්ඡා. ඒ නිසා එදා බුදුහාමුදුරුවෝ දේශපාලණයට මැදිහත්වුනා වගේම අපේ හාමුදුරුවෝත් වසර 2300 ඉදන් මේ රටේ දේශපාලණයට මැදිහත් වුනා. ඒ නිසා තමයි බුදුන් උපන් නේපාලයෙන් බුදුන් වහන්සේ වැඩිම කලක් වැඩසිටි ඉන්දියාවෙන් බුදු දහම ක්‍රමයෙන් අතුරුදහන් වෙද්දිත් මේ පුංචි රටේ පිවිතුරු බුදු දහම රැකුනේ.

මේරට ආසියාවේ ගණිකාමඩම හා තැබෑරුම කරමුද ?

අද තායිලන්තයේ 95% බොදුනුවෝ. ලක්ෂ තුනකට අධික ස්වාමීන් වහන්සේලා ඉන්නවා. නමුත් ආසියාවේ ගණිකා මඩම තායිලන්තයයි. ආසියාවේ තැබෑරුම තායිලන්තයයි. තායිලන්තයේ ජනප්‍රියතම ක්‍රීඩාව පොර කුකුල් ගැටුම. ජනප්‍රියතම අනික් ක්‍රීඩාව කික් බොක්සිං. අපේ රට ගණිකා මඩමක් තැබෑරුමක් බවට පත්වුනේ නැත්තේ භික්ෂුන් වහන්සේල නිසයි. අළුතින් තැබෑරුමක් එනකොටම ගමේ ඉන්න භික්ෂුව ගමේ ජනතාවත් එක්ක ඊට එරෙහිව උද්ඝෝෂණය කලා. භික්ෂුව පන්සලට කොටුකලොත් අපේ රටත් තායිලන්තය වගේ ගණිකාමඩමක් තැබෑරුමක් වේවි. පොරකුකුලන් කොටවන මාරාන්තික කික් බොක්සිං ගහන අමානුෂික ජනතාවක් ජීවත්වෙන රටක්වේවි. අන්න ඒටික කරන්න ලෑස්තිවෙන්න එපා කියල අපි මෙව් ආණ්ඩුවට කියනවා.

ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ කැසිනෝ ගේන්න රජය උත්සහ දරද්දී ඊට විරුද්ධව පාරට බැස්සේ ගරුතර ස්වාමීන්වහන්සේලා. මට මතකයි අපවත්වී වදාල මාදුළුවාවේ සෝභිත හිමියන් හා මම එක් විරෝධතා රැස්වීමක් සංවිධානය කළා. අපේ භික්ෂුන් වහන්සේලාගේ කැපවීම මැදිහත්වීම නොතිබෙන්නට අද අපේ රට කොහේටදැයි කාටවත් කියන්න බෑ.

මේ පනතට විරුද්ධ වෙච්ච හාමුදුරුවරුන්ට අද මුසා වාදයන් උගන්වන්න පිරිසක් කටයුතු කරනවා. මුලින්ම විරුදධ වෙච්ච නායක ස්වාමීන්වහන්සේ කෙනෙක් නැවත මාධ්‍ය හමුවේ කියනවා මේ පනත ගෙනාවොත් තමයි සිවුරු දරාගෙන වැරදි වැඩ කරන චීවරධාරීන්ට එලවන්න පුළුවන් වෙන්නේ කියලා. දැනට එහෙම නීතියක් නෑ කියල. ඒ වගේම කියනවා අපේ ස්වාමීන් වහන්සේලා අශීලාචාර ලෙස පාරේ නිදාගන්නවා ගස්උඩ නගිනවා මේවට නීතියක් නෑ කියල. මේකනම් මුසා වාදයක් අපේ හාමුදුරුවනේ.

අපේ භික්ෂුන් වහන්සේලා විනය විරෝධී ක්‍රියාවක් කලාම ශාසනයෙන් නෙරපන්න මහනායක හිමිවරුන් ප්‍රමුඛ කාරක සංඝ සභාවට බලය තියෙනවා. ශාසනයෙන් නෙරපුවාට පස්සෙත් සිවුර දරාගෙන භික්ෂුවක් විදිහට පෙනී සිටිනවනම් 1931 තරම් ඈත අතීතයේ නීති ගෙනල්ල තියෙනවා එවැනි චීවර ධාරීන්ට දඩුවම් කරන්න. 1931 සම්මත කරන ලස බෞද්ධ විහාර හා දේවාල ගම් ආඥාපනතේ 42වන වගන්තියේ කියවෙනවා භික්ෂුන්වහන්සේලාගේ නාම ලේඛණයේ නම සදහන් නොවන කෙනෙක් හික්ෂුන් වහන්සෙ කෙනෙක් ලෙස පෙනී සිටීමද දඩුවම් ලැබිය හැකි වරදකි. ඒකාලෙ හැටියට රු 50ක දඩයකටයි යටත්වෙන්නේ. අපිට ඔනනම් ඕක වසර 2 සිට 20 දක්වා බරපතල වැඩ ඇති සිර දඩුවමක් දක්වා සංශෝධනය කළ හැකි.

නමුත් භික්ෂුන් වහන්සේලා සිවුර දරාගෙන පුංචි පුංචි වැරදි කළා කියල හිරේ දාන්න යෝජනා කරන මේ යෝජනාවටනම් අපිට එකග වෙන්න බෑ. භික්ෂුන් වහන්සේලා අතර එක් ප්‍රකට කියමනක් තියෙනවා ලොම් ගානට මහණ කරද්දි උපසම්පදාවට ඉතිරිවෙන්නේ අං ගානටයි කියලා. ඉතින් මේ නොයෙකුත් දුෂකරතා මධ්‍යයේ පැවිදි උපසම්පදා දිවියට පත්වන ඒ අල්ප වූ ස්වාමීන් වහන්සේලාටත් අනවශ්‍ය අවධානමක් මේ පනත හරහා දෙනවා. පුංචි වැරැද්දක් හෝ සිදුකලොත් පොලීසියේන අල්ලාගෙන ගොස් සිරගත කරනවා. එහෙමනම් මොකටද අපි සිවුරු දරන්නේ කියල මේ ස්වාමීන් වහන්සේලා තීරණය කලොත් මොකද වෙන්නේ. ශාසනය එතනින්ම ඉවරයි වෙන්ද? අපි බලන්න ඕන ඉන්න ටික දෙනත් ශාසනයෙන් ඉවත්වෙන තැනට වැඩ සැලසීම නෙවෙයි. උන්වහන්සේලාගේ සැබෑ ප්‍රශ්නවලට විසදුම් සොයන එක. ස්වාමීන් වහන්සේට දහවල් දානය ලැබුනද සොයා බල්නන කට්ටිය නැති වුනාට ස්වාමීන්වහන්සේ රෑට දානය වලදනවද කියල හොරෙන් බලන්න ඕනෑතරම් කට්ටිය ඉන්නවා.

ඒ වගේම මේ සිවුරේ බලය විනාශ කරන්න මේ ආණ්ඩුව හිතනවනම් මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමනි ඔබේ ආණ්ඩුවේ ජනවරම පස්වසරක් වුනත් සිවුරට අත තියපු දවසේ ඔබේ ආණ්ඩුවේ අවසානය සණිටුහන් වුණු බව මතක තබාගන්න කියල අපි ඔබට අණතුරු අගවනවා.

නැවුම් බලාපොරොත්තුවක් නැවුම් සන්ධානයක්

වසරපහක් දුක් විදිමින් රට අදුරින් අදුරට යන හැටි බලන්න හිත හදාගෙන උන් ඔබට අපි නැවුම් බලාපොරොත්තුවක් ගෙනවිත් තිබෙනවා. පසුගිය අගෝසුතු මාසයේදි අළුත් දේශපාගණ පක්ෂයක් ගැන කතා කලේ විමල් වීරවංශ මන්ත්‍රීතුමන් හා මම විතරයි. අද වන විට ඔබේ හදවතේ අදටත් ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඔබේ හදවතේ සදාකාළික විරුවා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් අළුත් පක්ෂය ගැන සුභවාදීව කතාකරනවා. අපේ මවුබිම පවුකරල නෑ. අපේ රටේ ජනතාව හිතන තරම් අවාසනාවන්ත නෑ. මේ ආණ්ඩුවේ ගතවුනු වසර දිහා බැළුවම ඉතිරි වසර 4ත් මේ ආණ්ඩුව හිටියොත් අපිට බේරගන්නවත් රටක් ඉතිරිවෙන් නෑ. ඒ නිසා පුළුවන්නම් ජනමත විචාරණය පුංචි ඡන්දය තියන්න. මේ ආණ්ඩුව ගෙදර යවන පලමු වෙඩිමුරය බවට ඒ ඕනෑම ඡන්දයක් පත්කරන්න අපිටත් වඩා මේ දුක්විදින ජනතාව ලෑස්තියි කියන පණිවිඩය අපි ආණ්ඩුවට දෙනවා.

– අරවින්ද අතුකෝරල




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7446486708659771578

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item