නම් ගම් ඇතිවම අගමැති වියරු වී ‘ගෙම්බා‘ ‘රීරි යකා‘ කියමින් මාධ්‍යට දෙහි කපයි! - සැබෑ රනිල් අඳුනා ගන්න(VIDEO)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ඇතැම් මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ගේ හැසීරීම පිළිබඳව අද (28) දැඩි විවේචනයක් එල්ල කළා. ඔහු මෙම අදහස් පලකළේ ...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා ඇතැම් මාධ්‍ය සහ මාධ්‍යවේදීන්ගේ හැසීරීම පිළිබඳව අද (28) දැඩි විවේචනයක් එල්ල කළා. ඔහු මෙම අදහස් පලකළේ පාර්ලිමේන්තුව අමතමින්.

නිදහස් උත්සවය අදියර දෙකකින් පැවැත්වීමට හේතුව ජනාධිපතිවරයා ඇතූළු ප්‍ර‍භූන්ට අව් රශ්මිය වැටීම වැළැක්වීමට බව නීතිය හා සාමය අමාත්‍යවරයා පැවසූ බව දිනපතා පුවත්පතක අද (28) පලකොට තිබුණා. එම පුවතට තම අදහස්ද එක්කොට දෙරණ රුපවාහිනියේ චතුරලබාදුන් ප්‍ර‍චාරය පිළිබඳවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී විවේචනය කළා. එය හුදු විවේචනයක් නොවන අතර එය තර්ජනයක් ලෙස සලකන බව මී වන විට බොහෝ මාධ්‍ය ආයතන සලකන බව වාර්තා වෙනවා.

පුවත්පත්මෙන් නොව විද්‍යුත් නාලිකා ජනතාවගේ අයිතියක් බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජාතිවාදය පැතිරවීමෙන් වළකින ලෙසද කියා සිටියා. මාධ්‍යවේදීන් කණ්ඩායම් දෙකක් සිටින බවත් ඉන් එක් කණ්ඩායමක් නිදහස වෙනුවෙන් සටන් කළ අය බවත් අග්‍රාමාත්‍යවරයා පැවසුවා. අනෙක් පිරිස දඩයමේ ගිය පිරිසක් ලෙස අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.
කෙසේවෙතත් අපවෙත අදහස් දැක්වූ ප්‍රවීණ මාධ්‍යවේදියකු සඳහන් කලේ මෙය සැබෑ රනිල්ගේ මතුවීමක් සහ ලංකාවේ අනාගතයේ සිදුවීමට නියමිත දැඩි මාධ්‍ය මර්ධනයක පෙර නිමිති පෙන්නුම් කරන්නක් බවය. එමෙන්ම රනිල්ගේ මෙම ඒකාධිපති ස්වරුපය සම්බන්දයෙන් ජනාධිපතිතුමනට පැමිණිලි කිරීමට මේවන විටත් කටයුතු කරමින් සිටින බවත් වාර්තා වේ.


නිදහස් දින උලෙලේදී ප‍්‍රභූන්ගේ මුහුණට හිරු එළිය වැයෙන්නේ යයි කොටස් දෙකකට උම උලෙල පැවැත්වෙන්නේ යයි පුවත්පතක තිබූ පුවතක් දෙරණ අරුණ වැඩසටහනේදී කියවූයේ යැයි චතුර අල්විස් එසේ දැඩි දෝෂදර්ෂනයට ලක් විය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8002726106432767149

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item