මිලියන 2133 ආපසු අරන් විදෙස් ආයෝජකයෝ යන්න යයි - විදේශ සංචිත ඩොලර් බිලියන 4 දක්වා පහතට?

විදේශීය ආයෝජකයන් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කොට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2133 ක මුදලක්‌ ඉකුත් පෙබරවාරි 3 -10 සතිය තුළ ආපසු ලබාගෙන තිබේ. ...

විදේශීය ආයෝජකයන් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කොට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2133 ක මුදලක්‌ ඉකුත් පෙබරවාරි 3 -10 සතිය තුළ ආපසු ලබාගෙන තිබේ. මේ අයුරින් විදේශිකයන් තමන් සතු සුරැකුම්පත් විකුණා මුදල් ආපසු ලබාගැනීම නිසා රජයේ ආර්ථික අර්බුදය තවත් උග්‍රවී ඇතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.

මෙයට පිළියමක්‌ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 75 ක්‌ ලබා ගැනීම සඳහා මහ බැංකුව විසින් සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර පසුගිය වසර තුළ රජයේ විදේශ විනිමය සංචිතයද ඇමරිකානු ඩොලර් බිලියන 6.5 දක්‌වා අඩුවී ඇතැයි මහ බැංකු සංඛ්‍යාලේඛනවල දැක්‌වේ.

එහෙත් අප කල සොයාබැලීමකදී මහබැංකු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ විදේශ සංචිත ඩොලර් බිලිඉයන 4 දක්වා පහත බැස ඇති  බවය. එහෙත් එය අනාවරණය කිරීම වැලක්වීමට ගත හැකි හැම ක්රියමර්ගයකම ගනිමින් සිටින බව වාර්තා වෙනවා. 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9147655281726087706

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item