නාමල්, ගෝඨාභය, බැසිල්, විමල්, මහින්දානන්ද, වෙල්ගම අත්අඩංගුවට ගැනීමේ ලයිස්තුවේ - රාජපක්ෂ
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අද (28) පෙරවරුවේ මහනුවර ශ්‍රී දළඳා මාළිගාව වෙත පැමිණියා. එහිදී හිටපු ජනාධිපතිවරයා දළඳා සමිඳුන් වැඳ ආශීර්වාද...

https://www.sathhanda.com/2016/02/blog-post_154.html

මෙහිදී මාධ්‍යවේදීන් අමතමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ තමාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කළ නොහැකි බවයි. සාමාජිකයින් 56 දෙනෙකුට වැටී තිබූ පක්ෂය වැඩි දියුණු කළේ තමන් බවත් සඳහන් කළා. පොල් ගහන ව්‍යාපාරයත් ජනතාව විසින් සිදු කරන දෙයක් නිසා එම පොල් වදින බවත් සඳහන් කළා.
ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති පිරිස් පිළිබඳවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හෙළි කළා. එහිදී සඳහන් කළේ නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම වැනි පිරිස් අත්අඩංගුවට ගැනීමේ ලයිස්තුවේ සිටින බවයි. අවසානයේ තමන්වත් අත්අඩංගුවට ගනී යැයි සඳහන් කළා.
Related