'හිරේ දැමීම නීති විරෝධියි' - ඥාණසාර හිමිගෙන් පෙත්සමක්

හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා විසින් තමා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කළ නියෝගය නීති විරෝධී බවට බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි ඊයේ ...

හෝමාගම මහෙස්‌ත්‍රාත්වරයා විසින් තමා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කළ නියෝගය නීති විරෝධී බවට බොදු බල සේනා මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමි ඊයේ (25) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ගොනු කළේ ය.

තමා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 12 (1) සහ 13 (2) වගන්තිවලින් සහතික කළ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දු කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම ගොණු කර තිබේ.

හෝමාගම පොලිසියේ පැමිණිලි අංශය භාර ස්‌ථානාධිපති විඡේරත්න, මූලස්‌ථානාධිපති උපාලි ලියනගම, පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් හා නීතිපති යන හතරදෙනා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6172009102695036410

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item