විදුලිය බිදවැටීම සම්බන්ධයෙන් අභ්‍යන්තර හා බාහිර කමිටු වාර්තා 21 වන සදුදා වන විට

ඊයේ දිනයේ රට පුරා සිදු වූ විදුලි බිදවැටීම පිළිබදව ඉදිරිපත් කිරීමට නියමිත සියලු අභ්‍යන්තර හා බාහිර කමිටු වාර්තා වහාම තමා වෙත ලබාදෙන ලෙස ව...


ඊයේ දිනයේ රට පුරා සිදු වූ විදුලි බිදවැටීම පිළිබදව ඉදිරිපත් කිරීමට නියමිත සියලු අභ්‍යන්තර හා බාහිර කමිටු වාර්තා වහාම තමා වෙත ලබාදෙන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. මේ පිළීබදව ප්‍ර‍කාශ කළේ විදුලිය බිදවැටීම පිළිබදව සොයා බැලීම සදහා අද (14) පෙරවරුවේ බියගම විදුලි ලැබුම්පොළෙහි (Receiving Station) සංචාරයක නිරත වෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූඅමාත්‍ය රංජිත් සියඹලාපිටිය,

"ඊයේ දිනයේ රට පුරා විදුලි බිදවැටීම් නිසා සිදු වූ අපහසුතාවය වෙනුවෙන් සියලුම පාරිභෝගියන්ට අපගේ කණගාටුව ප්‍ර‍කාශ කරනවා. ඊයේ සවස රටේම විදුලිය බිදවැටීමත් සමග විශාල වෙහෙසක් ගත්තා එය යථා තත්ත්වයට පත් කරන්න. එම උත්සාහයත් දෙවතාක්ම තාක්ෂණික හේතූන් මත ව්‍යර්ථ වන තත්ත්වයක් ඇති වුණා. නමුත් මධ්‍යම රාත්‍රිය වන විට විදුලිය ලබාදීම යථා තත්ත්වයට පත් කරන්නට හැකි වුණා.

මෙම විදුලිය බිදවැටීම සිදුවෙලා තිබෙන්නේ බියගම විදුලි ලැබුම්පොළෙහි (Receiving Station) විශාල ට්‍රාන්ස්ෆෝමරය විනාශවීමත් සමග ඇති වූ අසමතුලිතතාවය නිසා නැවත වතාවක් පෙර පරිදිම නොරොච්චෝල බලාගාරය අක්‍රීයවීම. කෙසේ වෙතත් මේ වන විටත් ඊට පෙර බිදවැටීම් කමිටු වාර්තා පිළිබදවත් අපි අධ්‍යනය කරගෙන යනවා. සමහර වාර්තා අපිට ලැබෙමින් පවතිනවා. පසුගිය වතාවේ අග්‍රාමාත්‍යවරයා විසින් කමිටුවක් පත්කරනු ලැබුවා. මා විසින් බාහිර කමිටුවක් පත්කළා. මේ ක්ෂේත්‍ර‍යට සම්බන්ධ රටේ විද්වත් පිරිසක් සම්බන්ධ කරගෙන. ඒ වගේම අභ්‍යන්තර වශයෙන් විදුලිබල මණ්ඩලය කමිටුවක් පත් කළා. බොහෝ පරිනත දැනුමක් තිබෙන ඉන්ජිනේරුවරුන්ගෙන් සමන්විතවග අපි බලාපොරොත්තු වෙනවා මේ සිද්ධිය පිළිබදව සොයාබැලීම සදහා එම කමිටු නැවත වතාවක් සක්‍රීය කරගෙන ඒකාබද්ධ වාර්තාවක් ලබාගන්න. අවශ්‍ය වුවහොත් විදේශ විශේෂඥයින්ගේ සහයෝගය ලබාගෙන මෙම කමිටු වාර්තා පරිපූර්ණ වාර්තා ලෙස ලබාගන්නට අපි බලාපොරොත්තු වෙනවා. 

විශේෂයෙන්ම අපේ අවධානය දැඩිව යොමු වුණේ මේ විදුලි බිදවැටීම් වලදී ස්වභාවික හා තාක්ෂණික හේතූන් පිළිබදවග අපි දැනටත් ඒ මතය අපෙන් බැහැර කරලා නෑ. අපි මෙතනදී මේ ඇති වෙලා තිබෙන ට්‍රාන්ස්ෆෝමරයේ අසාමාන්‍ය විනාශයත් සමග මේ හේතූන් වලට අමතරව මෙවැනි සිද්ධියකට බලපෑ හැකි වෙනත් සියලු සාධක පිළිබදව දැඩිව සොයාබලන්න තීරණය කළා. ඒ නිසා අපි පොලීසියට ඊයේ දිනයේ මේ පිළිබදව පැමිණිල්ලක් ඉදිරිපත් කළා. දැන් පොලීසිය වෙනම පරීක්ෂණයක් කරගෙන යනවා. ඊට අමතරව රස පරීක්ෂක වාර්තාව මගින් රටට සහ අපිට දැනගැනීමට හැකි වේවි සිදු වී තිබෙන සැබෑ තත්ත්වය.

මේ තත්ත්වයන් සමග අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මෙවැනි සුවිශේෂී ස්ථානවලට නැවත වතාවක් හමුදා ආරක්ෂාව ඉල්ලා සිටීමට. මෙවැනි තත්ත්වයන් පිළිබදව අපිට කිසිදු අවධානමක් ගැනීමේ හැකියාවක් නැහැ. සියලු සාධකයන් පිළිබදව අපි සොයා බලාගෙන යන අතර මෙවැනි සුවිශේෂී ස්ථානයන්වලට හමුදා ආරක්ෂාව ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබදව අතිගරු ජනාධිපතිතුමන් විශේෂයෙන් අපිට මේ පිළිබදව සදහන් කළා. ඒ අවශ්‍ය ආරක්ෂාව ආරක්ෂක අමාත්‍යවරයා ලෙස එතුමා අපිට ලබාදීමට සූදානම්.

නොරොච්චෝලේ බලාගාරය නැවත වතාවක් මේ සමග අක්‍රීය වුණා. ඒක සාමාන්‍ය තත්වයක්. ඒ නිසා මෙවැනි අවස්ථාවකදී ඒ ස්ථානය කළමනාකරණය කිරීම පිළිබදව කටයුතු කිරීමට උත්සාහ කළත් එය අපහසු වුණා. එය නැවත යථා තත්ත්වයට පත්කිරීමට දින තුනක් හතරක් වැනි කාලයක් යනවා. ඒ දින තුන හතර කාලය තුළ මෙතෙක් නිෂ්පාදනය වුණ මෙගා වොට් 900 කට ආසන්න ප්‍රමාණයක් රටේ විදුලි පාරිභෝගියන්ට අහිමි වෙනවා. ඒ නිසා අපි සියලුම දේ කළමනාකරණය කරගත්තත් අපිට විදුලිය උත්පාදනය කරගත් හැකි සියලුම මාර්ග මේ අවස්ථාවේ යොදා ගත්තත් මෙගාවොට් 400 කට ආසන්න ප්‍ර‍‍මාණයක් මේ දින තුනේදී අපිට අරපිරිමැස්මෙන් කළමනාකරණය කරගැනීමට සිදුවෙනවා. ඉදිරි දින තුන හැකි තරම් විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න. පුද්ගලික විදුලි උත්පාදනය තිබේ නම් ඒවා භාවිතා කරන්න. එසේ නොවුණහොත් අපිට සිදුවෙනවා යම් යම් ස්ථානවල කෙටි කාලීනව විදුලිය විසන්ධි කරන්න. මේ දින කිහිපයේ අපි දිවයිනේ සියලු විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටිනවා උපරිම සහායෝගය ලබා දෙන ලෙස.

මේ ලැබූ අත්දැකීම් සියල්ල එක් කරගෙන ජනතාවට මෙවැනි අපහසුතාවයන් සිදුනොවන ආකාරයට ඉක්මණීන් මේ තත්ත්වයට මුහුණ දීමට මධ්‍ය කාලීන හා දිගු කාලීනව සැලසුම් සකස්කරනවා. මේ පිළිබදව සියලු සාධක සොයාබලන අතර සිදුවූයේ කුමක්ද යන්න නිශ්චිතවම තවම ප්‍ර‍කාශ කළ නොහැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 5834594067327971536

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item