ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තිය සියයට 37 කින් අඩු කරනවා - මංගල ඇමරිකාවේදී කියයි
ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තිය සියයට 37 කින් අඩුකර ඇති අතර එය තවදුරටත් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ඇමරිකාවේ වොෂින්ටන් න...

https://www.sathhanda.com/2016/03/37.html
ශ්‍රී ලංකා හමුදාවේ ශක්‌තිය සියයට 37 කින් අඩුකර ඇති අතර එය තවදුරටත් ක්‍රියාත්මක කරන බව විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ඇමරිකාවේ වොෂින්ටන් නුවරදී ප්‍රකාශ කර ඇත.
ඉදිරි සති කිහිපය තුළ උතුරේ ඉඩම් අක්‌කර 600 ක් නිදහස් කරන බවත් යුද හමුදාව විසින් පවත්වාගෙන යන උතුරු නැඟෙනහිර හෝටල් කිහිපයක් සිවිල් ජනතාවට ලබාදෙන බවත් හෙතෙම තවදුරටත් ප්‍රකාශ කර තිබේ.
ත්‍රස්‌තවාදී මර්දන පනත වෙනුවට නව කෙටුම්පතක් රජයට ඉදිරිපත් කර ඇති බව පැවසූ ඇමැතිවරයා ත්‍රස්‌ත මර්දන පනත ඉතා ඉක්‌මනින් ඉවත් කරන බවද සඳහන් කර ඇත.
ශ්‍රී ලංකාවේ 180,000 ක හමුදාව සියයට 37 කින් අඩුකරන බවද ඔහු කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ හමුදා ශක්‌තිය අඩුකළ යුතු යෑයි මෑතකදී මෙරටට පැමිණි මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ඉල්ලා තිබුණි.
Related