අර්ජුන් මහේන්ද්‍රන් රටේම කනෙන් රිංගූ හැටි - සවිස්තරාත්මක ව්ස්තර කිරීම

අර්ජුන් මහේන්ද්‍රන් සියළු දෙනාගේ කනෙන් රිංගූ අකාරය  උදය ගම්මන්පිල පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී හෙළි කළේය. එහිදී අ...

අර්ජුන් මහේන්ද්‍රන් සියළු දෙනාගේ කනෙන් රිංගූ අකාරය  උදය ගම්මන්පිල පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේදී හෙළි කළේය. එහිදී අදහස් දැක්වූ ඔහු,

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙන පරිච්ඡේදයේ 54 වෙනි වගන්තියේ කියනවා නීතිපති වරයාද යුධ හමුදාවේ නාවික හමුදාවේ ගුවන් හමුදාවේ සහ පොලිස් හමුදාවේ ප්‍රධානියෝද ජනාධිපති වරයා විසින් පත්කල යුතුයැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් හෝ ලිඛිත නීතියකින් හෝ නියමිත සියළු රජයේ නිලධරයෝධ ජනාධිපති වරයා විසින් පත්කරණු ලබන්නාහ.

මේ ව්‍යවස්ථාවේ 61 වෙනි වගන්තියේ කියනවා මේ පරිච්ඡේදයේ සදහන් පත්වීම් කරන කොට ශ්‍රී ලංකා ජනරජයට පක්ෂ පාතී වන බවට දිවුරුම් දිය යුතු බවට මුදල් පනතේ 12.1 වගන්තියට අනුව මහබැංකු අධිපති වරයා පත්කල යුත්තේ ජනාධිපති වරයාය. එහෙනම් මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 61වෙනි වගන්තියට අනුව මහ බැංකු අධිපති වරයාත් තමන්ගේ රාජකාරිය ආරම්භ කරන්න කලින් ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාතී වන බවට දිවුරුම් දිය යුතුයි.

නමුත් ලංකාවේ වත්මන් මහබැංකු අධිපති ධුරයට පසුගිය වසරේ ජනවාරි 27 වෙනිදා පත්වුනු අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාතිකයෙක්. සිංගප්පූරුවේ පුරවැසි භාවය ලබාගනිද්දි ලබාදෙන දිවුරුමේ කියනවා සිංගප්පූරු ජනරජයට හැර වෙනත් කිසිම ජනරජයකට පක්ෂපාතී වෙන් නෑ කියලා.

ඒ නිසා යම් හෙයකින් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාතී වන බවට දිවුරුම් දුන්නහොත් ඔහුට සිංගප්පූරුවේ පුරවැසි බව අහිමි වීමට එය හේතුවක් වෙනවා. ඒ නිසා අර්ජුන් මහේන්ද්‍රන් මෙම දිවුරුම දුන්නේ නෑ. එය මේ රටම දන්න කාරණයක්. ඒ නිසා මොහුට මේ තනතුර දරන්න බැරි බව අපි නිරන්තරයෙන්ම කිව්වා.

අර්ජුන් මහේන්ද්‍රන් නැතුව මේ රට විකිනීමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න බෑ කියලා. ඒ නිසා ආණ්ඩුව හැමෝගේම කනින් රිංගලා 19 වෙනි ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගේනකොට මහ බැංකු අධිපති වරයා ශ්‍රී ලංකා ජනරජයට පක්ෂ පාතී වන බවට ලබාදිය යුතු දිවුරුම ව්‍යවස්ථාවෙන් ඉවත්කරනවා.

19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සේ, 9 වෙනි පරිච්ජේදයේ 54 වගන්තියේ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාධායක සභාවේ නිර්දේශය මත ජනාධිපති විසින් පත්කරන සාමාජිකයන් ගැන. 54 වෙනි වගන්තියේ අලුත් එකේ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාධායක සභාවේ නිර්දේශය හෝ අනුමැතිය මත ජනාධිපති විසින් කරන පත්වීම්. නමුත් ජනාධිපති කරන සමහර පත්වීම් තියෙනවා ව්‍යවස්ථාධායක සභාව හරහා යන්න ඕන නෑ. මහ බැංකු අධිපති එවැනි තනතුරක්. එවැනි තනතුරු සදහා දිව්රුම් දීමේ අවශ්‍යතාවය අපි හැමෝගෙම කනින් රිංගල 19 වෙනි සංශෝධනයේදි ව්‍යවස්ථාවෙන් ඉවත් කරල තියෙනවා.

නමුත් ව්‍යවස්ථා දායක සභවේ නිර්දේශ මත ජනාධිපතිතුමන් පත්වීම් සිදු කරන නීතිපතිතුමන් පොලිස්පතිතුමන් විගනකාධිපතිතුමන් ‍වැනි අය ශ්‍රී ලංකා ජනරජයට පක්ෂ පාතී වන බවට දිවුරුම් දීලයි රාජකාරි ආරම්භ කරන්නේ.

නමුත් ව්‍යවස්ථාධායක සභාව හරහා නොයන ජනපති විසින් සිදු කරන පත්වීම් ගණනාවක් තියෙනවා. මහ බැංකු අධිපති විතරක් නෙවෙයි. යූධ හමුදාපති නාවික හමුදාපති ගුවන් හමුදාපති ආයෝජන මණ්ඩලයේ සභාපති වැනි තනතුරු ගණනාවක් දරන පුද්ගලයන් කිසිවෙක් 19 වෙනි සංශෝධනයෙන් පස්සෙ ශ්‍රී ලංකා ජනරජයට පක්ෂ පාතී වන බවට දිවුරුම් දීමේ අවශ්‍යතාවයක් නෑ.

දැන් ඔන්න සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන්ට නීතියේ බාදාවකින් තොරව හැමෝගෙම කනේන් රිංගල මහ බැංකු අධිපති ධුරය දරන්න අවශ්‍ය පසුබිම 19 වෙනි සංශෝධනයෙන් සිදුකරල තියෙනවා.

මේ සංශෝධනය නිසා යුධ හමුදාපති තුමන් මේ රට ආරක්ෂා කිරීමේ සිය රාජකාරිය භාර ගන්නට කලින් මම ‍ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාතී වනවා කියල දිව්රුම් දිය යුතු නෑ. මහ බැංකු අධිපති තුමන් මම ‍ශ්‍රී ලංකා ජනරජයට පක්ෂ පාතී වනවා කියල දිව්රුම් දිය යුතු නෑ. එහෙම තම රටට පක්ෂපාතී වන බවට දිව්රුම් දීමේ අවශ්‍යතාවයක් නැති යුධ හමුදාපති වරුන් මුළු ලෝකෙට ඉන්නේ මේ රටේ විතරයි.

ඒ නිසා තම රටට පක්ෂපාතී වන බවට දිව්රුම්දීම අවශ්‍ය නැති යුධහමුදා පතිවරුන් ඉන්නේ මොන රටේද කියලා ඇහුවොත් එංගලන්තේ කියන්න බෑ. ලංකාවේ, ලංකාවේ, එංගලන්තෙ එහෙම වේන්නෙ නෑ කියල තමයි කියන්න වෙන්නේ.

මේක මෙතෙක් හෙළි දරව් නොවූ දෙයක්. අපි අර්ජුන් මහේන්ද්‍රන්ට එරෙහිව නඩු පවරන්න කරුණු පරීක්ෂා කිරීමේදී තමයි මේ කාරනය එලියට ආවේ. හැමෝගෙම කනින් රිංගල අර්ජුන් මහේන්ද්‍රන් බේරගන්න මේ ආණ්ඩුව කටයුතු කරල තියෙනවා.

එහි ප්‍රතිඵලයක් ලෙසට මේ රටේ ආරක්ෂාවට ඉතාම වැදගත් තනතුරක් වන යුධ හමුධාපති වරයා පත්කිරීමේදී පවා හමුදාපති වරයා තම රටට පක්ෂපාතී වන බවට දිව්රුම් දීම අවශ්‍ය නැති තැනට රට පත්කරල තියෙනවා.

සහන දිය යුත්තේ කාටද ?

පසුගිය සිකුරාදා ලංකාවේ අවම වැටුප රුපියල් 10000ක් කරනවා කියලා පනතක් පාර්ලීමේන්තුවේ සම්මත කරා. මේ පනත ගැන මහා පුරසාරම් ගැහුවා. පෞද්ගලික අංශයට අවම වැටුපක් අපි නියම කරා කියලා කෑගැහුවා. මේක පුස්සක්, බොරුවක් මෙහෙම අවම වැටුප් නියම කිරීමේ අවශ්‍යතාවයක් නෑ. රුපියල් 10000ක් ලබන අයෙකුට අද ජිවත් වෙන්න බෑ. එහෙම කෙනෙක් අද මේ රටේ ඉන්නේ නෑ.

ඔබට මතක ඇති 2008 වර්ෂයේ දී එවකට හිටිය වෙළද ඇමතිවරයා කිව්වා කෙනෙකුට රුපියල් 2500න් ජිවත් වෙන්න පුළුවන් කියලා. එදා තමුන්නාසේලත්, එජාප දැන් මැති ඇමතිවරුත් එකතුවෙලා ඒ ප්‍රකාශයට හොදටම බැට දුන්නා. දැන් මොකක්ද මේ කරලා තියෙන්නේ මහබැංකු වාර්තාවට අනුව සාමන්‍ය පවුලක සමාජිකයන් ගණන හතරයි. ඒ කියන්නේ අවම වැටුප 10000ක් නම් එක් අයෙකුට වියදම් කරන්න පුළුවන් රුපියල් 2500යි. එදා ඩොලරය රුපියල් 105 අද 147යි මේ වගේ බදු වැඩි කරල කිබ්බේ නෑ. මේ වගේ දැවැන්ක උද්ධමනයක් තිබ්බේ නෑ. මේ වගේ ආර්ථික අහේනියක් රටේ තිබුණේ නෑ. එදා රුපියල් 2500න් ජිවත් වෙන්න බෑ කියපු අයම අවුරුදු අටකට පස්සේ බලයට ආවම රුපියල් 2500න් ජිවත්වෙන්න පුළුවන් කියනවා. සක් පිබලා අවම වැටුප් පනත සම්මත කරත් ඒකෙන් කිසිම කෙනෙක්ට වැඩක් නෑ.

ජනතාවට සහන කෙසේවෙතත් හැන්ද අතේ තියෙන අයනම් බොහෝම අපුරුවට ඉදිරිපත් වෙලා තියෙනවා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ දිමනා වැඩිකරලා තියෙනවා. ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙක්ට ලැබෙන්නේ සාපෙක්ෂව අඩු වැටුපක් කියන එක සැබෑවක්. හැබැයි මේ රටේ ජනතාවට බදු වැඩිකරලා, දෙන්න පෙරොන්දු වුනු සහන සේරම නතර කරලා මන්ත්‍රීවරුන්ගේ දීමනා වැඩි කරනවට අපි විරුද්ධයි. මන්ත්‍රී දිමනා රුපියල් ලක්ෂ දෙකකින් වැඩි කරමු කියලා මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශයේ එහෙම නැත්නම් මාස 60න් අලුත් රටක් කිව්ව පංචවිද ක්‍රියාවලියේ දාන්න තිබුණනේ. එවගේ තියෙන්නේ වෙන එවා වැඩි කරනවා කියලා රාජ්‍ය සේවකයාගේ වැටුප 10000කින් වැඩි කරනවා, විශ්‍රම වැටුප් වැඩිකරනවා. මහපොළ දිමනාව වැඩිකරනවා, වී,රබර්,තේ වලට අවම මිල වැඩි කරනවා මේ එකක්වත් ‍නොකර පොරොන්දු නොවුනු මන්ත්‍රී දිමනාව විතරක් වැඩි කරනවා.

මේකට අපි සම්පුර්ණයෙන්ම විරුද්ධයි. මේ තීරණය ගත්ත ගෘහකාරක සභාවේ ඒකාබද්ධ විපක්ෂයේ කවුරුවත්ම සහභාගි වුනේ නෑ. අපි නොසිටි අවස්ථාවක තමයි ඒ තීරණය අරන් තියෙන්නේ. මේ පිළිබද තීරණය කතානායකවරයා පක්ෂ නායක රැස්වීමේ දී ප්‍රකාශය කරනවිට පක්ෂ නායක රැස්වීමේ ඒකා බද්ධ විපක්ෂය නියෝජනය කරන අපේ නායක දිනේෂ් ගුණවර්ධන මැතිතුමා අපේ විරෝධය එතන සදහන් කරා. සමහර මාධ්‍ය වල සදහන්වෙලා තිබුණා සමස්ථ පාර්ලීමේන්තුව වාද භේද පසෙක තබා මේ වැඩේ දී පමණක් බොහෝම සමගිව මේ යෝජනාවට එකග වුනා කියලා. ඒක එහෙම නෙවෙයි. ඒකා බද්ධ විපක්ෂය තීරණය ගත්ත ගෘහකාරක සභාවේ හිටියේ නෑ. පක්ෂ නායක රැස්විමේදී පැහැදිලිවම අපේ විරෝධය අපි පල කරා. අපි මේකට එකග නෑ.

– අරවින්ද අතුකෝරල



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8001274346830874061

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item