බෞද්ධ සංවිධාන තුනක් එක පෙරමුණකට සන්ධාන ගතවේ
සිංහල බෞද්ධයාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර පුළුල් ජාතික බලවේගයක් ලෙස සඟ බලවේගයක් ගොඩනැඟීම සඳහා වෙන් වෙන්ව කටයුතු කළ බෞද්ධ ජාතික සංවිධාන තුනක...

https://www.sathhanda.com/2016/03/blog-post_31.html
මෙසේ එක්‌වූ සංවිධාන වන්නේ බොදුබල සේනා සංවිධානය, සිංහල රාවය සහ රාවණා බලය සංවිධානයි.
ඓතිහාසික යුග කාර්ය භාරයක් ඉටු කිරීම සඳහා මෙම එක්‌වීම සිදුවූ බවත් මින් පසු සංවිධාන ක්‍රියාවලිය ඒකාබද්ධව සිදු කරන බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්‌ඩිත ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ ඊයේ පැවසූහ.
ගම් මට්‌ටමින්, දිස්‌ත්‍රික් මට්‌ටමින් සහ පළාත් මට්‌ටමින් මින් ඉදිරියට සංවිධාන කටයුතු සිදු කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.
මෙම සන්ධානගත වීමෙන් පසු එම සංවිධාන ඊයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමටද කටයුතු යොදා තිබිණි.
Related