ගූගල් ස්ට්‍රීට් විව් පහසුකම දැන් රට පුරා
ලෝක ප්‍රකට ගූගල් සමාගම සිය ගූගල් ස්ට්‍රීට් විව් Google Street View පහසුකම ශ්‍රී ලංකාවේ මාර්ග රූප ගත කර තිබෙන බව නිවේදනය කර තිබෙනවා. මෙ...

https://www.sathhanda.com/2016/03/blog-post_394.html
ලෝක ප්‍රකට ගූගල් සමාගම සිය ගූගල් ස්ට්‍රීට් විව් Google Street View පහසුකම ශ්‍රී ලංකාවේ මාර්ග රූප ගත කර තිබෙන බව නිවේදනය කර තිබෙනවා.
මෙය ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක වටපිටාව අන්තර් ජාලය ඔස්සේ අංශක 360ක වට දැක්මක් ලෙස බලා ගත හැකි බවයි ගූගල් ආයතනය පවසන්නේ.
එමගින් විදේශීය සංචාරකයන්ට පමණක් නොව ශ්‍රී ලාංකිකයන්ට ද 'ගූගල් ස්ට්‍රීට් විව්' මගින් තම රටේ ප්‍රදේශ ගැන දැන ගැනීමට අවස්ථාව ලැබෙනවා.
2014 දෙසැම්බර් මාසයේ දී ගූගල් සමාගම ශ්‍රී ලංකාව තුළ ගූගල් ස්ට්‍රීට් විව් (Street View) වැඩසටහන ආරම්භ කර ඇති අතර 2016 වසරේ පෙබරවාරි මාසය වන විට ශ්‍රී ලංකාව තුළ කිලෝ මීටර් 50,000 කට ආසන්න ප්‍රදේශ වල රූප එකතු කර අවසන් කෙරුණු බවයි සඳහන් වන්නේ.
maps.google.lk වෙත පිවිස එම අත්දැකීම ඔබට විඳ ගැනීමට පුළුවන්.
Related