අවසර නැතුව විදුලිය කැපුවාට ලංවිම ට උත්තර බඳින්න වෙයි
විදුලි කප්පාදුවක් සිදු කරන බවට ලංකා විදුලිබල මණ්ඩල වෙබ් අඩවියේ පළවු පුවත සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම එම මණ්ඩලයෙන් කරුණු විමසීමක් කර ...

http://www.sathhanda.com/2016/03/blog-post_576.html
විදුලි කප්පාදුවක් සිදු කරන බවට ලංකා විදුලිබල මණ්ඩල වෙබ් අඩවියේ පළවු පුවත සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසම එම මණ්ඩලයෙන් කරුණු විමසීමක් කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජෙනරාල් දමිත කුමාරසිංහ පැවසුවේ දිවයිනටම බලපාන පරිදි විදුලි කප්පාදුවක් සිදු කරන්නේනම් ඒ සම්බන්ධයෙන් මහජන උපයෝගිතා කොමිසමේ අවසරය ලබාගත යුතු බවයි. එවැනි අවසරයක් සිය කොමිසම මගින් ලබාදී නොතිබුණු අවස්ථාවක අදාළ පුවත පළවූයේ කෙසේදැයි ලංකා විදුලිබල මණ්ඩලයෙන් කරුණු විමසූ බවයි දමිත කුමාරසිංහ කියා සිටියේ.
Related