හයිඩ් පිටියට ගිය ශ්‍රීලනිප මන්ත්‍රීන්ට විනය ක්‍රියාමාර්ග නෑ
ඒකාබද්ධ විපක්ෂය කොළඹ හයිඩ් පිටියේදී පසුගියදා පැවැත්වූ රැළියට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග න...

http://www.sathhanda.com/2016/03/blog-post_603.html

හයිඩ් පිටියේ පැවැත්වූ රැළියට සහභාගි වූ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයෙකු පක්ෂය හෝ පක්ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෝ විවේචනය නොකළ බව ඩිලාන් පෙරේරා පැවසී ය.
එම රැළිය එක්සත් ජාතික පක්ෂයට එරෙහිව පැවැත්වූ රැළියක් බවත් සම්මුතිවාදී ආණ්ඩුවක කටයුතු කළ ද ආණ්ඩුවේ ඇමැතිධූර ගෙන සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය හැසිරෙන ආකාරය පිළිබඳව විවේචනය කරන බවත් ඩිලාන් පෙරේරා සදහන් කළේ ය.
එමෙන්ම නව පක්ෂයක් බිහිකිරීමට බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායමක් කටයුතු කරමින් සිටියද එයට කුමාර වෙල්ගම, ඩලස් අලහප්පෙරුම, මහින්දානන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසකගේ සහයෝගය නොලැබෙන බවත් ඩිලාන් පෙරේරා වැඩිදුරටත් පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ ය.
Related