කළුවර වී තිබුණු රට එළිය කරපු එකම පක්ෂය එජාපයයි
කළුවර වී තිබූ රට එළිය කරපු එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් සෑම විටම රට ගොඩනැගීම පක්ෂයේ අරමුණ වී ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් එජාප මන්ත්‍ර...

https://www.sathhanda.com/2016/03/blog-post_654.html
කළුවර වී තිබූ රට එළිය කරපු එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බවත් සෑම විටම රට ගොඩනැගීම පක්ෂයේ අරමුණ වී ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් එජාප මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම ඊයේ (15) පැවසීය. වර්තමානයේදී ද රට ප්‍රශ්න රැසකට මුහුණ දී ඇති බවත් එම අභියෝග ජය ගැනීමට එජාප රජයකට හැකි බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. සිරිකොත පිහිටි එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසූවූයේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අජිත් මාන්නප්පෙරුම මෙසේද කීය.
අපට ඒකාබද්ධ විපක්ෂයෙන් කිසිම තර්ජනයක් නැහැ. පාර්ලිමේන්තුවෙත්, ඇතුළෙවත් පිටදිවත් අපට තර්ජනයක් එල්ල කරන්න එයාලට බැරිවෙලා තියෙනවා. ඒත් අපට එන ප්‍රශ්නයක් තියෙනවා. අපේ රටේ අනාගතය වෙනුවෙන් කරන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මේ අය ජනතාවට වෙන ප්‍රතිරූපයක් මවනවා. හැම තිස්සේම ඔවුන් ආණ්ඩුව සම්බන්ධයෙන් බිල්ලෝ මවනවා. එතකොට අප ගෙනයන වැඩපිළිවෙළට බාධාවන් එල්ල වෙන්න පුළුවන්. නමුත් ක්‍රියාදාමයන් අපට බාධාවක් නැහැ. අපි මිනිස්සු බය කරලා වැඩ කරන්නේ නැහැ. දැන් රටේ ලොකු ප්‍රගතියක් වෙනසක් ඇතිවෙලා තියෙනවා. ඒ නිසා අපේ වැඩපිළිවෙළ කරගෙන යන්න අපට ඉඩදෙන්න.
Related