යහපාලන ගොන් අධ්‍යාපන ඇමතිට කන පිරෙන්න හම්බ වෙයි
එච්.අයි.වී ආසාදිතයෙකු බවට වැරදි ප්‍රචාරයකට හසුවූ කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ...

https://www.sathhanda.com/2016/03/blog-post_74.html
එච්.අයි.වී ආසාදිතයෙකු බවට වැරදි ප්‍රචාරයකට හසුවූ කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කරන ලද ප්‍රකාශයකට දැඩි විරෝධතා එල්ල වෙමින් තිබෙනවා.
අමාත්‍යවරයා සඳහන් කර තිබුනේ දරුවා පරිවාස භාරයට පත් කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.
දරුවාගේ මවටද එච්.අයි.වී. වෛරසය ආසාධනය වී ඇති බවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එහිදී සඳහන් කර තිබූ අතර නිසි පරීක්ෂණයකින් තොරව එවැනි ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවිවල සිටින විශාල පිරිසක් සිය අප්‍රසාදය ඊට පළ කර තිබෙනවා.
"අපේ ප්‍රදේශයේ නිසා අපි දන්නවා මව සහ කටයුතු වෙන ආකාරය "යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කර තිබුණා.
මෙම දරුවාගේ මව ද සඳහන් කර තිබුණේ තමන් එච්.අයි.වී. ආසාදිතයෙකු නොවන බවයි.
එච් අයි වී ආසාදිතයෙකු සම්බන්ධයෙන් වුවත් එලෙස ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමේ අයිතියක් අමාත්‍යවරයෙකුට තබා කිසිම පුද්ගලයෙකුට නැති බවයි සමාජ විශ්ලේෂකයන් ද පවසා ඇත්තේ.
මේ අතර කුලියාපිටියේ දරුවා මවගෙන් වෙන්කර පරිවාස භාරයට පත් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි ලිංගාශිත හා ඒඞ්ස් මර්දන ව්‍යාපාරය පවසනවා.
එහි අධ්‍යක්‍ෂ වෛද්‍ය සිසිර ලියනගේ සදහන් කළේ මවට එච් අයි වී වෛරසය ආසාදනය වී තිබුණද එමගින් දරුවාට බලපෑමක් සිදුනොවන බවයි.
යම් හෙයකින් මවට වෛරසය ආසාදනය වී තිබුණද ඖෂධ මගින් එය පාලනය කළ හැකි බවයි වෛද්‍ය සිසිර ලියනගේ සදහන් කළේ.
Related