නලින් බණ්ඩාරගේ කතාවට විරුධව සහ පොහොර නිසා රටපුරා ගොවීහු උද්ඝෝෂණයේ
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පොහොර සම්බන්ධයෙන් ගොවීන්ට බැන වැදුණු බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ඔවුහු උද්ඝෝෂණයේ යෙදුණහ. බදු...

https://www.sathhanda.com/2016/03/blog-post_80.html
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පොහොර සම්බන්ධයෙන් ගොවීන්ට බැන වැදුණු බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ඔවුහු උද්ඝෝෂණයේ යෙදුණහ.
බදුල්ලේ ගොවින සේවා නිෂ්පාදන සහකාර නිලධාරීහු අද (9) ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ. ගොවිජන සේවා මධ්‍යස්ථාන 32ක නිලධාරීහු බදුල්ල බණ්ඩාරනායක මාවතේ සිට බදුල්ල නගර මධ්‍යයට පාගමනින් පැමිණියහ.
මේ අතර ගොවියාට ඇතිවී ඇති පොහොර සහනාධාර ගැටළුව, වී විකුණා ගැනීමේ ගැටළුව, ගොවීන් ලියාපදිංචි කිරීම ඇතුළු ගැටළු රැසක් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තිස්සමහාරාම ගොවීහු පිරිසක් වීරවිල හංදියේදී උද්ඝෝෂණයක නිරත වූහ. එම විරෝධතාවය සඳහා ගොවි සංවිධාන රාශියක ගොවීන් 1500 කට වඩා පිරිසක් සහභාගි වී සිටි අතර විරෝධතාවය හේතුවෙන් තිස්සමහාරාම මාතර ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය ද පැය එකහමාරක පමණ කාලයක් අඩාල විය.පොහොර සහනාධාරය පෙර ලෙසම ලබා දෙන ලෙසත්, වී සඳහා සහතික මිලක් ලබා දෙන ලෙසත්, නව බැංකු ගිණුම් සැකසීම හා ඡායාරූප ගැනීම වැනි කටයුතුවල දී ගොවියන් අපහසුතාවයට පත්වීම නවත්වන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති. රජය ගොවියා ගොවිතැනින් ඉවත් කිරීමට දරන උත්සාහයට විරෝධය පෑමක් ලෙසත් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.විරෝධතාවය අතරතුර තවත් කණ්ඩායමක් එම විරෝධතාකරුවන්හට බාධාවන පරිදි හූ කියමින් කෑ ගසමින් බාධා කළ ද එම සිදුවීම ජනතා විමුක්ති පෙරමුණේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රාදේශිය නායකයින්ගේ විවේචනයට ලක් විය.
මහියංගනය - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය හරස්කරමින්ද මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන 8ක නියෝජිතයෝ අද උද්ඝෝෂණයක නිරතවූහ.
Related