ඇමති චම්පිකගෙන් ප්‍රකාශයක් ගන්න, ඇමතුම් පිරික්සන්න අධිකරණයෙන් නියෝගයක්
රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාළව අමාත්‍ය පා.ච. රණවකගෙන් ප්‍රකාශයක් හා ඔහුගේ දුරකථනයේ සංවාද පිළිබඳ වාර්තාවක් ගෙන අධිකරණයට ඉදි...

https://www.sathhanda.com/2016/03/blog-post_12.html
රාජගිරිය ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරට අදාළව අමාත්‍ය පා.ච. රණවකගෙන් ප්‍රකාශයක් හා ඔහුගේ දුරකථනයේ සංවාද පිළිබඳ වාර්තාවක් ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය නියෝග කර තිබේ.
එසේම අනතුර සිදුකළ බව කියන අමාත්‍යංශයට අයත් මෝටර් රථය එදින පැවතියේ කාගේ බාරයේද යන තොරතුරුද ඇතුළත්ව ධාවන සටහන් පොලීසියට බාරයට ගෙන ඒවාද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ.
මෙම සිදුවීමට අදාළ නියෝග ඇත්නම් හෙට දිනයේ ලබාගන්නා ලෙසත්,විමර්ශන වාර්තා සති දෙකක් තුළ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් දැන්වූ බව පැමිණිල්ලේ නීතිඥවරයා කියා සිටියි. අදාළ නඩුව යළි මාර්තු 30 වන දින විභාගයට ගැනීමට නියමිතය.
Related