මොන මගුලක්ද දහම් මේ කරන්නේ? - ජනපති පුත්ගේ රාජකීය වැඩේ

137 වැනි රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයේ ත්‍යාග ප්‍රරදානෝත්සවයේ ප්‍රධාන වේදිකාවට, ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා බලහත්කාරයෙන් කඩා ...

137 වැනි රාජකීය – ශාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගයේ ත්‍යාග ප්‍රරදානෝත්සවයේ ප්‍රධාන වේදිකාවට, ජනාධිපති පුත් දහම් සිරිසේන මහතා බලහත්කාරයෙන් කඩා වැදී ඇති බව වාර්තාවේ.

මෙම මහා ක්‍රිකට් තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සව වේදිකාවට සාම්ප්‍රදායිකව ඇරයුම් ලබන්නේ ප්‍රධාන ආරාධිත, අනුග‍්‍රාහක ආයතනයේ ප්‍රධානී, විදුහල් දෙකෙහි විදුහල්පතිවරුන් දෙදෙනා හා තරග සංවිධායක කමිටුවේ ප්‍රධානීන් පමණි.

ඒ අනුව මෙවර ප්‍රධාන ආරාධිත වශයෙන් රාජකීය ආදි ශිෂ්‍ය, ආග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට, අනුග්‍රාහක ආයතනයේ සභාපති ලෙස ශාන්ත තෝමස් ආදි ශිෂ්‍ය හාන්ස් විජේසූරියට, දෙවිදුහල්පතිවරුන්ට හා සංවිධායක කමිටුවේ ප්‍රධානීන්ට පමණක් වේදිකාවට ඇරයුම් ලැබී තිබිණි.

එහෙත් කිසිදු ඇරයුමකින් තොරව සහ මෙතෙක් පැවැති පෙර කී සම්ප‍්‍රදායට පටහැනිව රාජකීය ආදි ශිෂ්‍ය දහම් සිරිසේන මහතා ත්‍යාග ප්‍ර ානෝත්සව වේදිකාවට ගොඩවී ඇත. එයට තරග සංවිධායක කමිටු සාමාජිකයන් විරෝධය පල කරද්දී ‘‘හොඳයි පස්සේ බලාගමු, මම ජනාධිපතිගේ පුතා’’ යනුවෙන් පවසමින් වේදිකාවේ දකුණුපස පඩිපෙළින් බැස ගිය දහම් සිරිසේන යළි වම්පස පඩිපෙළින් වේදිකාවට ගොඩ වී ඇත.

ගයන්ත කරුණාතිලක, නවීන් දිසානායක, ආචාර්ය හර්ෂ ද සිල්වා වැනි රාජකීය ආදි සිසුන් රැසක් මෙම අවස්ථාවට සහභාගීව සිටියත් ඔවුන් සියලූ දෙනා විදුහල් සම්ප්‍රදායට ගරු කරමින් උත්සව සභාවේ සිට ත්‍යාග ප්‍රදානය නරඹන අයුරු දැකගත හැකි විය.


Lankaleadnews



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7416911091231061495

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item