මේ ආණ්ඩුව නීති විරෝධීයි

මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නීති විරෝධී ආණ්ඩුවක් බවත්,එය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙරළාදැමිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරම...

මේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයට අනුව නීති විරෝධී ආණ්ඩුවක් බවත්,එය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පෙරළාදැමිය යුතු බවත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර පවසයි.

ආණ්ඩුව විසින් ජනතාවට දුන්නු පොරොන්දු එකින් එක ඉරාගෙන යන බවත්,සහන එකින් එක කප්පාදු කරමින් සිටින බවත්,ජනතාව බලාපොරොත්තු වුණු හැමදේම අහිමිකරමින් යන බවත් මන්ත්‍රීවරයා කියා සිටියේ අද(17)ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කළ මහජන රැළියට එක්වෙමිනි.

එම නිසා මහජන මතය නියෝජනය නොකරන,ඒ අනුව කටයුතු නොකරන ආණ්ඩුවක් නීත්‍යනුකූල නොවන බැවින් ඒකාබද්ධ විපක්ෂය විසින් ආණ්ඩුව පෙරළීමේ ක්‍රියාමාර්ගය අද ආරම්භ කළ බව හෙතෙම සඳහන් කළේය.

හෙට දිනයේ අත්සන් කිරීමට නියමිත එටිකා ගිවිසුමෙන් මේ රටේ රැකියා විදේශිකයන්ට පවරාදීමට කටයුතු කරන බවත්,උතුරේ මත්ස්‍ය සම්පත ඉන්දීය ධීවරයින්ට රිසි පරිදි ගෙනයාමට කටයුතු සලස්වන බවත් නානයක්කාර මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4397034853422630128

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item