ව්‍යවස්ථාව හරහා රට බෙදීම වළකමු! - ජාතික වෘත්තීකයින්ගේ එකමුතුව පෙරට - ඔබත් එකතු වන්න

ජාතික වෘත්තීකයින්ගේ එකමුතුව විසින් අලුතින් කෙටුම්පත් කිරීමට යෝජිත ව්‍යවස්ථාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන මූලික සිද්ධාන්ත දෙකක් වන රටේ ඒකීභ...

ජාතික වෘත්තීකයින්ගේ එකමුතුව විසින් අලුතින් කෙටුම්පත් කිරීමට යෝජිත ව්‍යවස්ථාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එන මූලික සිද්ධාන්ත දෙකක් වන රටේ ඒකීභාවරය හා දැනට බුදුදහමට ලැබී තිබෙන ප්‍රමුඛතාව සුරක්‍ෂිත කරනු පිණිස අත්සන් කෙරෙන ජාලගත යෝජනාවක් සකසා ඇත. 

ඉහත මූලික සංරචකයන් වෙනස් කිරීම හරහා විවිධ ජනවර්ග හා විවිධ ආගමිකයින් අතර දැනට තිබෙන ස්වභාවික සංහිඳියාවට හානි පමුණුවා එකිනෙකා අතර නිෂේධනීය තරඟකාරීත්වය, නොමනාපය හා කා කොටා ගන්නා පරිසරයක් නිර්මාණය වන බව ඔවුන් පෙන්වා දෙයි. 
එකී උත්සාහයන් අසාර්ථක කිරීම සඳහා ජාතික වෘත්තීකයින්ගේ එකමුතුව විසින් රජයට කරන යෝජනා දෙකට අන්තර්ජාලය හරහා ඔබට ද දායකත්වය ලබාදිය හැකි ය.

ඔවුන් එම යෝජනා දෙක මෙලෙස ඉදිරිපත් කර ඇත.

අලුතින් කෙටුම්පත් කිරීමට යෝජිත ව්‍යවස්ථාව පිළිබඳ කිසියම් කතිකාවක් ගොඩ නැගෙමින් තිබේ. ඒ පිළිබඳ මහජන අදහස් ද විමසා තිබෙනු දක්නට ලැබුණි. රටකට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීම යනු ඉතා බරපතල කටයුත්තක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මන්ද නිමවෙන නව ව්‍යවස්ථාව මගින් මුළු රටේ ම අනාගත ඉරණම තීරණය කරන බැවිනි.

නව ව්‍යවස්ථාව පිළිබඳ ගොඩ නැගෙන සංවාදයේ දී බොහෝ දෙනාගේ අවධානය යොමුවන කරුණක් වන්නේ රාජ්‍යයේ ස්වභාවය හා රාජ්‍ය හා බුද්ධාගම අතර පවතින සම්බන්ධය පිළිබඳ ස්වභාවයයි. ශ්‍රී ලංකා රාජ්‍ය ඒකීය රාජ්‍යයක් බව වත්මන් ව්‍යවස්ථාව මගින් තහවුරු කොට ඇත. එය මෙරට ඓතිහාසික ව පැවති රාජ්‍ය තන්ත්‍රය නිරූපණය වන ලෙස කළ අර්ථ දැක්වීමකි. කෙසේ වෙතත්, මෙම තත්වය ඉක්මවමින් වර්ගවාදී පදනමින් බලය බෙදාහරින ආකාරයේ ෆෙඩරල් ව්‍යුහයක් සහිත නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට වත්මන් රජයේ ප්‍රධානීන් මෙන් ම රජය බලයට පත්කිරීමට උල්පන්දම් දුන් ඊනියා සිවිල් සමාජ ක්‍රියාකාරීන් ද කටයුතු යොදමින් තිබෙන බව වාර්තා වේ. එවන් ‍ෆෙඩරල් ව්‍යවස්ථාවක අනතුර වන්නේ තාමත් අන්තර්ජාතික ව සක්‍රීය ව තිබෙන ශ්‍රී ලංකාව මූලික කරගත් බෙදුම්වාදී සංවිධාන මෙම තත්වය සිය බෙදුම්වාදී ව්‍යාපෘථිය ලෝක මට්ටමින් සුජාතකරණය කරගැනීම සඳහා යොදාගත හැකි බැවිනි. නිදසුනක් ලෙස පිහිටවෙන ෆෙඩරල් ඒකකයට ශ්‍රී ලංකා රාජ්‍යයෙන් වෙන්වීම සඳහා ජනමත විචාරණයක් වැනි දෙයක් පවත්වා එහි ප්‍රතිපල අදාළ ප්‍රදේශයේ වෙනම රාජ්‍යයක් පිහිටුවා ගැනීම සාධාරණීකරනය කරගැනීම සඳහා යොදා ගැනීමේ විශාල සම්භාවිතාවක් ඇත. එවන් උත්සාහයක ඵලය වනු ඇත්තේ සිංහල, දෙමළ, මුස්ලිම් හා බර්ගර් යන අප සැම තුළ අවිස්වාසය හා වර්ගවාදය ඇතිකොට රට නැවතත් අගාධයට යෑම ය. ඊට ඉඩ දිය යුතු නැත.

දෙවැනි කාරණය නම් බුද්ධාගමට දැනට දී තිබෙන ප්‍රමුඛස්ථානය අහිමි කිරීම පිළිබඳ ගැටළුවයි. බුද්ධාගමට මෙරට රාජ්‍ය තන්ත්‍රය තුළ ප්‍රමුඛතාව හිමිවීම ඓතිහාසික යථාර්තයක් බව අවධාරිත ය. නිදසුනක් ලෙස සම්බුද්ධ දළදාව සතුවීම රාජ්‍යත්වයේ අනුල්ලංඝනීය කොන්දේසියක් වූ බව ඓතිහාසික මූලාශ්‍ර සාක්‍ෂි දරයි. නෛතික පසුබිම එසේ තිබිය දී මෙරට බුද්ධාගම රාජ්‍ය අනුග්‍රහය යටතේ ප්‍රවර්ධනය වීම හේතුකොට ගෙන එකී ආගමට අයත් නොවන කෙනෙකුට වුව වැඩක් මිස කිසිදු අවැඩක් නම් සිදු වී නැත. අන් ආගමිකයින් බහුතරය පවා පිළිගන්නා කරුණක් වන්නේ බෞද්ධ සමාජයක තරම් තමන්ට අන් කිසිදු සමාජයක මෙතරම් සහනශීලිත්වයක් හෝ නිදහසක් හිමි නොවනු ඇති බව ය. බුද්ධාගම විසින් කිසි දිනෙක මෙරට හෝ විදේශයක දී අන් ආගමිකයින් කෙරෙහි යුද්ධ ප්‍රකාශ කොට නැතිවීම බෞද්ධාගමේ චරිත සහතිකයේ ඉහළින් ම ලියවෙන්නකි. එවන් පසුබිමක, සෙසු ආගම් ආරක්‍ෂා කරන අතරතුර දීම බුද්ධාගම වන් සහනශීලී ආගමක් පෝෂයන කිරීම රටේ සැමගේ සුභ සිද්ධිය සඳහා ම වනු ඇත.

එවන් භාරධූර කටයුත්තක් මුදුන් පමුණුවා ගැනීම සඳහා ආණ්ඩුවට ප්‍රබල පණිවුඩයක් යැවීම අරමුණු කරගත් මෙම මහජන යෝජනාවට ඔබගේ දායකත්වය ලබා දෙන ලෙස උදක් ම ඉල්ලා සිටිමු.

අන්තර්ජාලය හරහා ඔබගේ අත්සන මෙතනින් තබන්න.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 155312392086978840

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item