සිසුන්ට පහරදුන් උපකාරක පන්ති ගුරුවරයා ගැන විමර්ශනයක්
උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සිසුවෙකු දණගස්වා, පන්තියේ තවත් සිසුවියක ලවා එම සිසුවාට පහරදීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය විමර්ශන ආ...
https://www.sathhanda.com/2025/03/blog-post_676.html

උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් සිසුවෙකු දණගස්වා, පන්තියේ තවත් සිසුවියක ලවා එම සිසුවාට පහරදීම සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර ඇත. මෙම සිදුවීම පිළිබඳව වීඩියෝ පටයක් සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතී. එම වීඩියෝවේ එම ගුරුවරයා පන්ති කාමර තුළදී තවත් සිසුන්ට පහරදෙන අයුරු දක්වා ඇත.
මෙම සිදුවීම හේතුවෙන් ළමාරක්ෂක අධිකාරිය එම ගුරුවරයාට අද (11) අධිකාරියට පැමිණෙන ලෙස දැනුම් දී ඇත. කෙසේ නමුත්, එම දැනුම්දීම ඔහු මඟහැර ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම පිළිබඳව තවත් විස්තර සොයා ගැනීම සඳහා ළමාරක්ෂක අධිකාරිය විමර්ශන කටයුතු දියුණු කරමින් පවතී.


Related