ඇමෙරිකානු වෛද්‍ය කණ්ඩායමක් විෂ පරීක්ෂාවට උතුරට යැවීම මෙරට වෛද්‍ය අචාර ධර්ම කඩ කිරීමක් - විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය
පුනරුත්තාපනය වූ එල් ටී ටී ඊ සාමාජිකයන්ට විෂ එන්නත් කළේ දැයි සොයා බැලීමට අමෙරිකානු වෛද්‍ය කණ්ඩායමකට ඉඩ ලබාදීම මෙරට වෛද්‍ය විද්‍යාත්මක ආච...

http://www.sathhanda.com/2016/08/NUTA-sri-lanka.html
පුනරුත්තාපනය වූ එල් ටී ටී ඊ
සාමාජිකයන්ට විෂ එන්නත් කළේ දැයි සොයා බැලීමට අමෙරිකානු වෛද්‍ය කණ්ඩායමකට
ඉඩ ලබාදීම මෙරට වෛද්‍ය විද්‍යාත්මක ආචාරධර්ම සහ නීතිය උල්ලංගණය කිරීමක් බව
ජාතික විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් රජරට වෛද්‍ය
පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසුවේ මෙරට වගකිව යුතු
පාර්ශ්වවල අනුමැතියකින් තොරව එවැනි කටයුත්තක් සිදු කිරීමට විදේශීය
වෛද්‍යවරුන්ට නීතියෙන් ඉඩක් නොමැති බවයි.
සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව උතුරට පැමිණි අමෙරිකානු වෛද්‍ය කණ්ඩායම සම්බන්ධයෙන් තොරතුරු වහා හෙළිදරව් කළ යුතු බවද එහිදී චන්න ජයසුමන වැඩිදුරටත් පෙන්වා දුන්නා. පුනරුත්තාපනය වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් සියයකට වැඩි පිරිසක් හදිසියේ මියගොස් ඇති බැවින් එ් පිළිබඳ විදේශීය වෛද්‍ය කණ්ඩායමක මැදිහත්වීමෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට උතුරු පළාත් සභාවට පසුගියදා යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.

Related