ඇසළ පෙරහර නිමකළ බවට සංදේශය ජනපතිට

මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා එය සාර්ථකව නිමකිරීම පිලිබඳ සැලකිරීමේ ස...

මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මෙවර ද උත්කර්ෂවත් ආකාරයෙන් පවත්වා එය සාර්ථකව නිමකිරීම පිලිබඳ සැලකිරීමේ සංදේශය සාම්ප්‍රදායානුකූලව දියවඩන නිලමේ නිලංග දෑල  විසින් අද (18) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදෙනු ලැබීය.

පෙරහැරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල  ඇතුළු සතර මහ දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස දී ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. එම උත්සව සභාව ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ලෝකයේ කිසිදු ධනවත් රටක නොමැති සදාචාරයක් අපේ රටට හිමිවූයේ බෞද්ධ දර්ශනය සමඟ ගොඩනැගුණු අභිමානවත් සංස්කෘතිය නිසා බවය.

පෙරහැරට සහභාගී වූ කලාශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිලිණ හා සම්මාන ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය. මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක, ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යන ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.












මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1727096759373323474

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item