ගුවන් විදුලි සංස්ථාව වහාබ් වාදය ප්‍රචාරයේ ? - බොදු බල සේනාවෙන් චෝදනාවක්

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුල දැනට වසර කිහිපයකට පෙර සිට මුස්ලිම් අන්තවාදීන් විසින් වහාබ් වාදය ප්‍රවර්ධනය කිරීම කරගෙන යනු බව 'බො...

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව තුල දැනට වසර කිහිපයකට පෙර සිට මුස්ලිම් අන්තවාදීන් විසින් වහාබ් වාදය ප්‍රවර්ධනය කිරීම කරගෙන යනු බව 'බොදු බල සේනා' සංවිධානය පවසයි.

ISIS පන්නයේ මානසිකත්වයක් මුස්ලිම් ජනතාව හා විශේෂයෙන් තරුණයින් හා කාන්තාවන් ඉලක්ක කර ප්‍රවර්ධනය කිරීම කාලයක සිට මෙම රජයේ ගුවන් විදුලිය විසින් සිදු කරනු බව 'බොදු බල සේනා' සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී, කථිකාචාර්ය දිලන්ත විතානගේ  විසින් ජනාධිපතිවරයා වෙත ඊයේ (11) දින යොමුකළ ලිපියක දැක්වේ.

මේ සඳහා විදේශ ආධාර ලබා ගනු ලබන ඉස්ලාමික සංවිධාන පිටුපස සිටින අතර එක්තරා මුස්ලිම් කතක්ද මෙහිදී පුරෝගාමීව කටයුතු කරනු බවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ සමයේදී හිටපු සභාපති හඩ්සන් සමරසිංහට තර්ජනය කරමින් බියගන්වා සිය අන්තවාදී වැඩසටහන් ප්‍රවර්ධනය කිරීමට ඔවුන් සමත්වූ බවත් එහි සඳහන්වේ.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.
 
මේ පිලිබඳ මුලින්ම හෙළිදරුව් කරනු ලැබුයේ 2013 දී බොදු බල සේනා සංවිධානය විසිනි.

2013 මුල්භාගයේදී හිටපු ජනාධිපතිවරයා හමු වූ විට මේ ගැන පැමිණිලි කල අතර එහිදී මුලින් එවැන්නකට ඉඩ නොමැති බව ප්‍රකාශ කලද , හිටපු සභාපතිවරයා කැඳවා විමසීමේදී මුස්ලිම් පිරිස් වල තර්ජන හමුවේ එසේ ඔවුන්ට ඉඩ දී නිහඬ වීමට සිදු වූ බව පිළිගන්නා ලදී.

මේ වන විට තත්වය තවදුරටත් වර්ධනය වෙමින් පවතින අතර මේ තත්වය තවදුරටත් ඉදිරියට පැවතුනහොත් මේ වන විට යම් පමණකට විවෘත මනසකින් හා නිදහස්ව කටයුතු කරන මුස්ලිම් පිරිස් මුස්ලිම් වහාබ් වාදයේ ගොදුරු බවට පත් වීමත්, ISIS පන්නයේ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය වීමත් වැලැක්වීම අතිශය දුෂ්කර වනු ඇත.

මුස්ලිම් නොවන බහුතර පිරිසකගේ බදු මුදලින් නඩත්තු වන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මෙලෙස ඉස්ලාමික අන්තවාදීන්ගේ ප්‍රචාරක නාලිකාවක් වීම ගැන අපගේ අතිශය කණගාටුව හා විරෝධය පලකරනු ලබන අතර මෙම තත්වය නැවත්වීම උදෙසා අදාළ ඇමතිවරුන්, ගුවන් විදුලියේ සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ට උපදෙස් ලබා දෙන ලෙසත්, පසුගිය කාලය තුල කරන ලද මෙම ප්‍රවර්ධන කටයුතු, ඒවාට සම්බන්ධ වූ දේශකයින් හා පිරිස් ISIS වැනි ත්‍රස්ත සංවිධාන සමග ඇති සම්බන්දය හා ඔවුන්ට ආධාර දෙනු ලබන දේශීය හා විදේශීය සංවිධාන පිලිබඳ සොයා බැලීමට පොලිස්පතිවරයා ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙසත් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු. ''



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 9038284162171566340

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item