තායිලන්තයේ පිපිරීම් 2 ක් අයෙකු නසී 11 ක් තුවාලයි
තායිලන්තයේ සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන හුවා හින් ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුව...

https://www.sathhanda.com/2016/08/2-11.html
තායිලන්තයේ සංචාරක පාරාදීසයක් ලෙස සැලකෙන හුවා හින් ප්‍රදේශයේ සිදුවූ බෝම්බ පිපිරීම් දෙකකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 11 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
බැංකොක් අගනුරවට කිලෝමීටර් 200ක් පමණ ඔබ්බෙන් වූ මෙම සංචාරක පුරවරය පිහිටා ඇති අතර, මෙම ප්‍රහාරයෙන් විදේශිකයන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇති බව කියැවෙයි.
එහිදී, පළමු පිපිරීම දෙවැනි පිපිරීමට වඩා ප්‍රබලත්වයෙන් අඩු බවත්, පළමු පිපිරීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් වාර්තා වෙයි.
බෝම්බ මල් පොච්චි තුළ සඟවා තිබූ බවත් ඒවා මීටර් 50ක් ඇතුළත පුපුරා ගොස් ඇති බවත් කියැවෙයි.
එහිදී, පැය භාගයක කාලයක් තුළ මෙම බෝම්බ පුපුරුවා හැරීමට ජංගම දුරකතන භාවිත කර ඇති බව කියැවෙයි.
තායිලන්තයේ දකුණුදිග පළාතේ මෙවැනි බෝම්බ පිපිරීම් වාර්තා වුවත්, සංචාරකයන් ගැවසෙන ස්ථානයක මෙවැනි පිපිරීමක් සිදුවීම කලාතුරකින් සිදුවන්නකි.

Related