මියගිය විනිසුරුගේ දියණිය ගුරුවරියගෙන් පහර කා රෝහලේ
උඩුමහලින් බිමට ඇද වැටී අභිරහස් අන්දමින් මියගිය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතාගේ දියණිය ඇගේ ගුරුවරියගෙන් පහරකෑමට ලක්‌ව ...

https://www.sathhanda.com/2016/08/blog-post_32.html
උඩුමහලින් බිමට ඇද වැටී අභිරහස් අන්දමින් මියගිය විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතාගේ දියණිය ඇගේ ගුරුවරියගෙන් පහරකෑමට ලක්‌ව තුවාල ලබා ඊයේ (16 වැනිදා) රෝහල්ගත කර ඇත.මන්දමානසික රෝගී තත්ත්වයෙන් පෙළෙන ආබෲ මහතාගේ 27 හැවිරිදි දියණිය මෙසේ පහරකෑමට ලක්‌ව ඇත්තේ ඊයේ අලුයම 5.00 ට පමණ රත්මලාන අත්තිඩියේ පිහිටි නිවසේදීය.ගුරුවරිය තමන්ට පහර දුන් බවට ආබෲ මහතාගේ දියණිය පොලිසියට ප්‍රකාශයක් ද ලබා දී ඇත.ඇගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මෙම පහරදීමට හේතුව කුමක්‌දැයි අනාවරණය වී නොමැත.
මේ සම්බන්ධයෙන් ගුරුවරියගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.ඉකුත් 15 වැනිදා උදේ 10.30 ට පමණ රත්මලානේ අත්තිඩියේ පිහිටි නිවසේ තුන්වැනි මහලෙන් බිම ඇදවැටී විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සරත් ආබෲ මහතා මියගොස් තිබිණි.එදින උදේ සිට ආබෲ මහතා සිය දියණිය සමඟ ආරවුලක් ඇති කරගෙන තිබූ අතර ඔහු දැඩි කෝපයකින් කටයුතු කර ඇති බව පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.ආබෲ මහතාගේ බිරිඳ ද මානසික රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටි අතර ඔහු 15 වැනිදා පෙරවරුවේ බිරිඳට වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ද රැගෙන ගොස් තිබිණි.ඊට පෙර දින රාත්‍රි ආබෲ මහතා නිවසේ උඩුමහලේ සිට මත්පැන් පානය කරමින් සිට ඇති අතර ඔහු අවස්‌ථා කීපයකදී කාන්තාවකගේ නම කියා කතා කර ඇති බව ද අනාවරණය වී තිබේ.
ආබෲ මහතා ඇදවැටෙන විට ඔහුගේ බිරිඳ මෙහෙකාරිය දියණිය සහ ඇගේ ගුරුවරිය ද පහළ මාලයේ සිට ඇති බව පොලිසිය පවසයි.ආබෲ මහතා නිවසේ උඩුමහලින් බිම ඇදවැටීමේදී ඔහුගේ හිස සිමෙන්ති පොළොවේ වැදී බරපතළ තුවාල සිදුවී ඇත.ආබෲ මහතා රෝහල්ගත කරන විටත් මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් zදිවයිනZ ට පැවසීය.ආබෲ මහතා උඩුමහලින් බිම වැටෙන අයුරු ගුරුවරිය දැක ඇති අතර ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ද ලබා දී තිබිණි.ගල්කිස්‌ස කොට්‌ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතාගේ උපදෙස් මත මූලස්‌ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක රොහාන් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.
divaina
Related