වකුගඩු මාරයා ග්ලයිපොසෙට් දැන් පැකට් වශයෙන් වෙළඳපොළට ඇවිල්ලා

රජරට ඇතුළු වියළි කලා‍පයේ පැතිරයන වකුගඩු රෝගයට සෘජුවම සම්බන්ධ ග්ලයිපොසෙට් වල්නාශක දියරය මෙරටට ගෙන්වීම, අලෙවිය හා භාවිතය රජය විසින් තහනම් ක...

රජරට ඇතුළු වියළි කලා‍පයේ පැතිරයන වකුගඩු රෝගයට සෘජුවම සම්බන්ධ ග්ලයිපොසෙට් වල්නාශක දියරය මෙරටට ගෙන්වීම, අලෙවිය හා භාවිතය රජය විසින් තහනම් කිරීමෙන් පසු එම වල්නාශකය කුඩක් ලෙස පැකට් කර අලෙවි කිරීමේ ජාවාරමක් මේවන විට ක්‍රියාත්මක වන බව අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය ජයසුමන මහතා පැවසුවේ ඉන්දියාවේ, හරියානා ප්‍රාන්තයේ සිට උතුරට මේවා මුහුදු මගින් රහසිගතව ගෙන්වා වෙළඳපොළට යැවෙන බවයි.

එහි සැර සියයට 71ක් ලෙස දක්වා ඇති බවත්, මෙම ග්ලයිපොසෙට් හි ඇති උග්‍ර විෂ නිසා රජරට වැව්බැමිවල පස් අංශු එකට බැඳ තබන ක්ෂුද්‍ර ජීවින් විනාශ වී යන බවත්, මේ නිසා සුළු වැස්සකදී පවා වැව් බැමි කඩාගෙන ගංවතුර තත්ත්වයක් ඇති වන බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.

ඒ අනූව රජය මැදිහත්වී වහාම කුඩක් ලෙස ගෙන්වා රහසිගතව වෙළ‍ඳපොළේ අලෙවි කෙරෙන මෙම ග්ලයිපොසෙට් උග්‍ර විෂ කාරකය නතර කිරීමට පියවර ගත යුතු බවත්, එසේ නොකළහොත් මහ විපතක් ඇති විය හැකි බවත්, ඒ මහතා වැඩිදුරටත් පැවසීය.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3656758645849359635

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item