කඩිමුඩියේ චන්ද විමසීමකින් තොරව අතුරුදහන් වුවන්ගේ පනත ආණ්ඩුව සම්මත කර ගනී

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලය පිහිටවීමේ පනත සංශෝධන සහිතව අද (11) පස්වරු 2.30 ට ඡන්දයකින් තොරව සම්මත විය. පනතට එරෙහිව සභා ගැබ මැදට පැමි...

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යයාලය පිහිටවීමේ පනත සංශෝධන සහිතව අද (11) පස්වරු 2.30 ට ඡන්දයකින් තොරව සම්මත විය. පනතට එරෙහිව සභා ගැබ මැදට පැමිණි විරෝධය දැක් වූ ඒකාබද්ධ විපක්ෂයේ කතිකයන් නොසිටීම නිසා විවාදය හිටිගමන් අවසන් විය.

ඒ අනූව විවාදය අවසන් කළ මූලාසනය පනත දෙවැනි තෙවැනි වර කියැවීමේ අවස්ථාව එළඹී ඇතැයි ප්‍රකාශ කළේය. සිකුරාදා පස්වරු 2.30 දක්වා පැවැත්වීමට නියමිත වූ විවාදය හිටි ගමන් මෙසේ අවසන් විය.

ඒකාබද්ද විපක්‍ෂය පමණකත් ඊට විරෝධය පල කරද්දී එජාපය, ශ‍්‍රීලනිප ආණ්ඩුවේ කණ්ඩායම, දෙමල සන්ධානය, ජවිපෙ පනතට පක්‍ෂ වූයේය. ඒකාබද්ද විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ ඡුන්ද විමසීමක් ඉල්ලූවත් කතානායකවරයා එය පිලිනොගෙන පනත සම්මත වූ බව කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1717896325723132048

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item