අතුරුදන් වූවන්ගේ පනතේ තියෙන ඒවා ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රතිපත්තිවලවත් නෑ

අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලය ස්ථාපිත කිරීමේ පනත ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රතිපත්තිවලටත් ජගත් සංවිධානයේ නීති රීතිවලටත් පටහැණි බව...

අතුරුදන් වූවන් සෙවීමේ කාර්යාලය ස්ථාපිත කිරීමේ පනත ජීනිවා මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රතිපත්තිවලටත් ජගත් සංවිධානයේ නීති රීතිවලටත් පටහැණි බව මහචාර්ය තිස්ස විතාරණ  පවසයි.

පිට අයට අවශ්‍ය පරිදි අපේ රටේ දේවල් හොයන්න මෙමඟින් අවස්ථා ලැබෙන බවත්, අමෙරිකාවේ බලපෑම් මත ඊට සාමාජිකයින් පත්කරනු ඇති බවත්, හෙතෙම කියයි.

අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසූ අතර ඊට එක්වූ පා.ම වාසුදේව නානායක්කාර  කියා සිටියේ මෙම පනත සම්මත කර ගැනීමට අදාළ විවාදය රාත්‍රී 9 දක්වා පැවැත්වීමට අගමැතිවරයා කාලය ලබාදිය හැකි බව පැවසුවත් ඒ වනතුරු රැඳී සිටීමට අපට හැකියාවක් නැති බවයි.

එම පනත සම්මත කර ගැනීම සඳහා වන ක්‍රියාවලියේදී කථානායකවරයාට දිගින් දිගටම දුරකථන ඇමතුම් එන බව දුටු බවත්, ඔහුට කර ගැනීමට දෙයක් නොමැතිව සිටිනු දක්නට ලැබුණු බවත්, මෙම ක්‍රියාවලිය අමෙරිකානු තානාපති කාර්යාලයේ බලපෑම්වලට යටත්ව සිදුකළ බව පැහැදිළි බවත්, ඔහු කියා සිටියේය.

කථානායකට ස්වාධීන තීරණයක් ගැනීමට හැකියාවක් නැති බව දන්නා නමුත් එම අවස්ථාවේදී ඔහුගේ හැසිරීම ‍ගැන මේවන විට වාර්තාවක් හදාගෙන යන බවත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් පැවසීය.

බෙංගමුවේ නාලක හිමියන් පැවසූවාට ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයින් ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් නොවන බවද මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3569080036164350887

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item