කෝ අද මාධ්‍යයත් නැහැනේ
"වීරකැටියෙ හදපු පොළ වෙනම තියනවා. එහි වෙළඳාම් කරන්න දෙන්නෙ නැහැ. මාධ්‍ය මගින් මේවා පෙන්වන්න. කෝ අද මාධ්‍යයත් නැහැනේ"යැයි හිටපු ජනා...
https://www.sathhanda.com/2015/11/blog-post_33.html
හෙතෙම මේ බව පැවසුවේ අද (25දා) තංගල්ල ගෞතම විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකමට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනි.
"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර අයවැයට පක්ෂ අයත් ඉන්නවා විපක්ෂ අයත් ඉන්නවා. කැමැති විදියට ඡන්දය දෙයි. පක්ෂයට ඒ නිදහස ලබා දී තියනවා. අපි කාටවත් බලපෑම් කරල නෑ. අයවැය ජනතාවට බර වැඩියි. දැන් වැඩි කරපුව අඩු කරනවා. ඉදිරියටත් තව අඩුවෙයි. යතුරුපැදි සහ ත්‍රිරෝද රථ රියදුරන් ඒ වගේම විවිධ සංවිධාන විරෝධතා කළාම දුම් පරීක්ෂාව අඩුකළා. තව තව ඉදිරියට අඩුවෙයි. පොහොර සහනාධාරය නැති කරලම දැම්මා. වසරකට කන්න දෙකකට රුපියල් 25000 ක් දෙනව කියනවා. කොහොමද පොහොර ගන්නෙ. එක කන්නයකට රුපියල් 12500 ක්. පොහොර මිලත් එක්ක බලන කොට ගොවියට කුඹුරට පොහොර ගහන්න වෙන්නෙ නැහැ. මම වීරකැටියේ පොළට ගියා. මාළු මිරිස් 400 ක් වෙනවා කියල කිව්වා" යනුවෙන්ද ඔහු සඳහන් කළේය


Related