සංශෝධන පිළිගන්නා තෙක් අපි අත උස්සන්නේ නෑ - ශ්‍රීලනිපය තීරණය කරයි

වැට් බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංශෝධන පිළිගන්නා තෙක් එම පනත් කෙටුම්පතට සහයෝගය පළ නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර...

වැට් බදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංශෝධන පිළිගන්නා තෙක් එම පනත් කෙටුම්පතට සහයෝගය පළ නොකිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

වැට් බදු සම්බන්ධයෙන් පත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කමිටුව සහ මැති ඇමතිවරුන් පිරිසක් ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව අමාත්‍ය මහින්ද අමරවීර  ප්‍රකාශ කළේය.

එම සාකච්ඡාවල දී වැට් බදු අයකරන ආදායම් සීමාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වශයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති අතර ඒ පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණ නොමැති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

අද දිනයේ අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සමග ද වැට් බදු සංශෝධන පිළිබඳ සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට නියමිතය.

කෙසේ වුව ද වැට් බදු සම්බන්ධ යෝජනා අද රැස්වන කැබිනට් මණ්ඩලය හමුවට ඉදිරිපත් කෙරෙයි.

එහිදී සාමුහික එකඟතාවකට පැමිණීමට අපේක්ෂා කරන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ඊයේ රාත්‍රී දෙරණ රූපවාහිනිය ඔස්සේ විකාශය වු 360 සජීව දේශපාලන වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කළේය.

මේ අතර අද පාර්ලිමේන්තුව රැස්වෙයි.

එහිදී වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම්දීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4631514916839592624

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item