අගමැති හෙට සිංගප්පූරුවට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා හෙට පිටත්වයාමට නියමිතව තිබේ. සිංගප්පූරුවේ පැවැත්වෙන 2016 ඉන්දීය සාගර සම...

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා හෙට පිටත්වයාමට නියමිතව තිබේ.

සිංගප්පූරුවේ පැවැත්වෙන 2016 ඉන්දීය සාගර සමුළුවේ දේශනයක් සඳහා අග්‍රාමාත්‍යවරයා සිංගප්පූරුව බලා පිටත්ව යන බව සඳහන්ය.

හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වෙන එම සමුළුව ඉන්දීය පදනම මගින් සංවිධානය කරන අතර ඊට ඉන්දීය සාගර කලාපයේ ප්‍රධාන රාජ්‍යයන්ට ආරාධනා කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා සමඟ මෙම සංචාරය සඳහා වයඹ සංවර්ධන හා සංස්කෘතික අමාත්‍ය එස්.බී නාවින්න මහතා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3133319881876071733

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item