ETCA ගැන සාකච්චා අද කොළඹදී ආරම්භ කරයි

ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය නියෝජිතයින් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ...

ඉන්දියාව සමග අත්සන් කිරීමට යෝජිත එට්කා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය නියෝජිතයින් පිරිසක් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඉන්දීය වාණිජ හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් එම නියෝජිත කණ්ඩායමට ඇතුළත් වන බව වාර්තා වේ.

ගිවිසුම සකස් කිරීම සම්බන්ධයෙන් පත්කළ ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමග අදාළ නියෝජිත පිරිස සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර ජාත්‍යන්තර ගිවිසුම් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවට ජනාධිපතිවරයා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පාර්ශව පිළිගෙන තිබියදීත් එට්කා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

මේ අතර මාලබේ සයිටම් විද්‍යාලය පවත්වාගෙන යාම සඳහා බොහෝ පිරිස් සහයෝගය දැක්වීම තුළ ඔවුන් සයිටම් ආයතනයේ මුදල් බලයට යටත් වී තිබේ ද යන්න පිළිබඳ සැකයක් මතු වන බව එම සංගමයේ සංස්කාරක වෛද්‍ය නලීන් ද හේරත් මහතා ප්‍රකාශ කළේය.

කෙසේවුව ද ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේ පසුගිය රජය කාලයේ ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ආපසු හැරවිය නොහැකි මට්ටමට පත්ව ඇති බවයි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4473935633169105787

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item