මන්ත්‍රී තර්ජනවලින් කෝකිලායි පන්සල නවත්වන්න බැහැ

උතුරු මැද බෞද්ධ නටඹුන් උඩ කෝවිල් ඉදිකර ඇති යුගයක කෝකිලායි හි බෞද්ධ නටඹුන් මත බෞද්ධ විහාරයක් ඉදි කිරීම පිළිබඳ කිසිවෙකුට විරුද්ධ විය නොහැකි...

උතුරු මැද බෞද්ධ නටඹුන් උඩ කෝවිල් ඉදිකර ඇති යුගයක කෝකිලායි හි බෞද්ධ නටඹුන් මත බෞද්ධ විහාරයක් ඉදි කිරීම පිළිබඳ කිසිවෙකුට විරුද්ධ විය නොහැකි යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පෙන්වා දෙති. කෝකිලායි ඉපැරණි පන්සලක් තිබුණත් කොටි ත්‍රස්තයන් එය විනාශ කර දැමූ බවත් ඒ ආශ්‍රිතව විහාරයක් ඉදිකිරීම ගැන කිසිදු මන්ත්‍රීවරයෙකුට එරෙහි විය නොහැකි යැයි ද මේධානන්ද හිමියෝ අවධාරණය කරති.

එසේම විහාරයක් ඉදිකිරීම ගැන භික්ෂුන් වහන්සේ නමකට මන්ත්‍රීවරයෙකු තර්ජනය කිරීම ගැන වහාම පරීක්ෂණයක් කළ යුතු යැයි ද නාහිමියෝ පෙන්වා දෙති. මුල්ලිකුලම්ම‍ලේ, අරිසිම‍ලේ හා කෝකිලායි ආදී ප්‍රදේශවල තිබූ බෞද්ධ විහාර ත්‍රස්තවාදීන් විසින් විනාශ කර දැම්මා. සාමකාමී වාතාවරණයෙන් පසු ජනතාව යළි ගම් බිම්වලට පැමිණ තමන්ගේ විහාරය තිබූ ස්ථානවල යළි විහාර ඉදිකිරීමට කිසිවෙකුට එරෙහිවන්න බැහැ.

වවුනියාවේ ඉපැරණි ෙචෙත්‍යයක් තිබූ තැන අද වඩු මඩුවක් දාලා. සෙම්බුම‍ලේ බෞද්ධ නටබුන් උඩ අද තිබෙන්නේ කෝවිලක්. නැගෙනහිර කුසලාකන්ද බෞද්ධ නටබුන් මත ත්‍රිශූල ගහලා. කදිරවේලි බෞද්ධ නටබුන් වටකරලා නිවාඩු නිකේතනයක් හදලා. මේ ආදී වශයෙන් බෞද්ධ නටබුන් හා විහාර විනාශ කිරීම ගැන ඕනෑ තරම් උදාහරණ දෙන්න පුළුවන්.

කෝකිලායි පන්සල ඉදිකිරීම මන්ත්‍රී ගර්ජනාවලින් නතර කරන්න බැරි බව සිහිතබා ගත යුතු යැයි ද එල්ලාවල මේධානන්ද හිමියෝ පැවැසූහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8540040834511841251

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item