FCIDය සංචාරක සංවර්ධන හා ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනෙක් අත්අඩංගුවට - 25 දක්වා රිමාන්ඩ්
සංචාරක සංවර්ධන හා ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන කොටුව මහ...

https://www.sathhanda.com/2016/08/fcid-25.html
සංචාරක සංවර්ධන හා ප්‍රවර්ධන කාර්යාංශයේ
හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින්
අත්අඩංගුවට ගෙන කොටුව
මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
සංචාරක සංවර්ධන හා ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියල් ලක්ෂ 57ක මුදලක් දේශීය සංචාරකයන් දැනුවත් කිරීමට සහ සංචාරක ස්ථාන දියුණු කිරීමට බව පවසා හිටපු අධ්‍යක්ෂවරයෙකු විසින් ලබාගෙන එම මුදල් පසුගිය ඌව පලාත් සභා ඡන්දය සඳහා වැය කර ඇති බව සඳහන්ය.
අදාළ චෝදනාවට එම අධ්‍යක්ෂවරයා ලබන සැප්තැම්බර් මස 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න නියෝග කළ බවයි අද දෙරණ වාර්තාකරු පැවසුවේය.
මේ අතර සංචාරක සංවර්ධන හා ප්‍රවර්ධන කාර්යාංශයට අයත් රුපියලක් ලක්ෂ 50ක මුදල් සපරාධි විශ්වාසය කඩ කිරීමට තැත්කිරීම මත හිටපු සෙසු අධ්‍යක්ෂවරුන් දෙදෙනා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් අද අත්අඩංගුවට ගනු ලැබුණි.
ඒ අනුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන් මේ මස 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මෙයට විරුද්ධව රාජ්‍ය සේවයේ ඉහල නිලධාරින් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න බව ඊයේ දිනයේදී පවසා තිබුණි.
Related