FCIDයේ ක්‍රියා කලාපයට එරෙහිව භාණ්ඩාගාර නිලධාරීන් 287කගෙන් රතු එළි

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපයට එරෙහිව මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් රාජ්‍ය ව්‍යාපාර ආයතනවලට පත...

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හා නීතිපති දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපයට එරෙහිව මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් රාජ්‍ය ව්‍යාපාර ආයතනවලට පත්කර ඇති සියලු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අදාළ ආයතනවලින් ඉල්ලා අස්වීමට යන බව මුදල් අමාත්‍යාංශයේ ‍‍‍ආරංචි මාර්ග සඳහන් කරනවා.

දැනට එම ආයතන සඳහා මහා භාණ්ඩාගාරය නියෝජනය කරමින් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් 287 දෙනකු පත්කර ඇති අතර ඔවුන් ඊයේ හදිසියේ රැස්වී මේ ගැන සාකච්ඡා කර ඇති බව වාර්තා වෙන අතර පසුගිය රජය සමයේ සංචාරක මණ්ඩලයේ සිදු වූ අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් එවකට එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස සිටි දැනට රාජ්‍ය ආයතන කිහිපයක ප්‍රධානීන් ලෙස කටයුතු කරන නිලධාරීන් කිහිප දෙනකු සහ තවත් කිහිප දෙනකුට අද (23) ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස කර ඇති දැනුම්දීම නිසා අදාළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සියලු දෙනා මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත අද (23) ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ‍ලේකම් හේමා ධර්මවර්ධන, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. සේමසිංහ, භාෂ්වර ගුණරත්න  ඇතුළු එවකට සංචාරක මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් හය දෙනකුට දැනුම් දී තිබේ.

යම් ලෙසකින් ‍පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් මෙම රාජ්‍ය නිලධාරීන් අත්අඩංගුවට ගතහොත් හෙට (24) සිට අදාළ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සියලු දෙනා එම ආයතනවලින් ඉල්ලා අස්වීමට නියමිතය.

කෙසේ වෙතත් මෙම ගැටලුව පිළිබඳව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන  ඊයේ (23) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග විශේෂ සාකච්ඡාවක් කර ඇත.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 115068614360543500

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item