පාද යාත්‍රාව සහ මගේ නැටුම – නාමල් රාජපක්ෂ වැලිකඩ හිරේ සිට ලියු ලියුම

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ සිරගෙදර සිට පුවත් පත් තීරු ලිපියක් ලියා තිබේ. පාද යාත‍්‍රාව හා මගේ ...

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ සිරගෙදර සිට පුවත් පත් තීරු ලිපියක් ලියා තිබේ.

පාද යාත‍්‍රාව හා මගේ නැටුම යන මැයෙන් ‘අද’ පුවත්පතට ලියා ඇති එම සම්පූර්ණ ලිපිය මෙසේය.

පාද යාත‍්‍රාව සහ ‘මගේ නැටුම’

ගත වූ සති තුනක කාලය මගේ ජීවිතයේ අමතක නොවන සති තුනක්.පළමු වැනි සතිය ගතවූයේ වැලිකඩ සිරගෙදරයි.ඒ ගත කළ කාලය ජීවිතේට අමතක කළ නොහැකියි.දෙවැනි හා තුන්වැනි සති ගත වූයේ ජන සටන පාද යාත‍්‍රාව වෙනුවෙනුයි.එක් සතියක් සම්පූර්ණයෙන්ම එහි සංවිධාන කටයුතු වලට රට පුරා දිවීමට සිදුවුණා.දෙවැනි සතිය පාද යාත‍්‍රාව සදහා වෙන් වුණා.පළමු සතියේදී ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට ගොස් ජනතාව,ප‍්‍රාදේශීය හා පළාත් සභා දේශපාලඥයන් මුණගැනී පා ගමනේ සංවිධාන කටයුතු සොයා බලන්න සිදුවුණා.

අපේ ප‍්‍රචාරක කටයුතු වලදී මෙන්ම ජනතාව දැනුවත් කිරීමේදී අපට ඉතා හො`දින් වැටහුණු දෙයක් වුණේ මේ පවතින යහපාලන රජයට ගම් මට්ටමින්,බිම් මට්ටමෙන් පොදු ජනතාවගේ දැඩි විරෝධයක් පවතින බවයි.ජනතාවට රැුකියා නෑ.බඩු මිල වැඩියි.අතේ සල්ලි නෑ.ගොවි ජනතාවට පොහොර ටික ගන්න සල්ලි නෑ.පොහොර ටික ක‍්‍රමවත්ව දෙන්නෙ නෑ.ඒ අස්සේ ‘වැට්’බද්දත් වැඩි කරලා.ජනතාවට මේ ආණ්ඩුව ගැන දැඩි කලකිරීමක් පවතින බව පැහැදිලිවම තේරුණු දෙයක්.ඒ වගේම අපේ මේ ජන සටන පාද යාත‍්‍රාව සදහා ඔවුන්ගේ සහභාගීත්වය අනිවාර්යෙන්ම පවතින බව තේරුණා.අපිත් ඒ ජනතා ශක්තියත් සමග අපේ සංවිධාන කටයුතු සිදු කළා.

දිනෙන් දින අපේ පාද යාත‍්‍රාව පවත්වන දිනය ළං වුණේ කාටත් නොදැනීමයි.පාගමන නිසා යහපාලන ආණ්ඩුව හැසිරුණු ආකාරයෙන් අපට තේරුණු තව දෙයක් වුණේ පාද යාත‍්‍රාව නිසා ආණ්ඩුව දැඩි ලෙස බියට පත්ව ඇති බවයි.ඔවුන් පාද යාත‍්‍රාව නැවැත්වීමට,නැතිනම් අඩපණ කිරීමට සියලූ බලය යොදවන බව අපට තේරුම් ගියා.ඒ නිසා අපි මේ මෙහෙයුම සදහා දෙවැනි සැලසුමක් ‘ප්ලෑන් බී’එකක් හැමවිටෙකම සූදානම් කරගෙන සිටියා.පාද යාත‍්‍රාව නැවැත්වීම සදහා තහනම් නියෝග ගන්නා බවට අපට පාද යාත‍්‍රාවට කලින් දින තොරතුරු ලැබී තිබුණා.අපි ඒ අනුව අපේ සැලසුම් වෙනස් කළා.උදේ දළ`දා සමි`දු වන්දනා කිරීමෙන් අනතුරුව අපි ගැටඹෙන් පාද යාත‍්‍රාව ආරම්භ කළා.එදා උදේ පාද යාත‍්‍රාව සදහා තිබූ ජන සූදානම අපට දැඩි ශක්තියක් වුණා.මේ පාද යාත‍්‍රාවට විශේෂ කිහිපදෙනෙක් පැමිණ සිටියා.ඒ අනුව දශකයේදී කතරගම-කොළඹ පාද යාත‍්‍රාවට සහභාගී වූ අයයි.එදා තරුණයන් ලෙස එයට සහභාගී වූ ඔවුන් අද වැඩිහිටියන් ලෙස සහභාගී වුණා.ඔවුන්ගේ දැනුම,අත්දැකීම් මේ පාද යාත‍්‍රාව පුරාම අපට ලබාදුන්නා.ඇතැම් රාජ්‍ය සේවකයන් ලෙඩ නිවාඩු දමා මේ පාද යාත‍්‍රාවට පැමිණ සිටියා.ඔවුන්ගේ අදහස වුණේ රස්සාව නැති වුණත් කමක් නෑ මේ ජන අරගලයට සහාය ලබාදෙන බවයි.

පාද යාත‍්‍රාව පැවැති නගරවලට අපට ඇතුළුවිය නොහැකි වන ලෙස පොලීසිය වාරණ නියෝග ඉල්ලා තිබුණා.පොලීසිය ඉතා දැඩි පක්ෂග‍්‍රාහී ලෙස පාද යාත‍්‍රාවට බාධා එල්ල කළා.විශේෂයෙන් පොලිස්පතිවරයාගේ රංගනාත්මක හැසිරීම පොලිස්පතිවරයෙකුට නොගැළපෙන බව පෙන්නුම් කළ බව මගේ හැ`ගීමයි.පාද යාත‍්‍රාව පැවැති කාලයේදී අපි දිනකට පාය 12 ක් පමණ එක දිගට ඇවිද්දා.හරිහමන් කෑමක් ගත්තෙත් නෑ.රාත‍්‍රියේදී තමයි ප‍්‍රධාන ආහාරය ගත්තේ.දහවල් කෑමට කියලා පාද යාත‍්‍රාව නැවැත්වූවේ නෑ.ඒත් ම`ග දෙපස සිටි ජනතාව ඉතා ඕනෑකමින් සංග‍්‍රහ කටයුතු සිදුකර තිබුණා.පානීය ජලය,මඤ්ඤොක්කා,කඩල,තේ පැන්,බීම වගේ දන්සල් විශාල ගණනක් පැවැතුණා.ඒ වගේම මග දෙපස නිවෙස්වල දොරවල්,වැසිකිළි සෑම අවස්ථාවකදීම අපේ පා ගමනේ යෙදෙන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් විවෘතව තබනු අපි දුටු දෙයක්.මට මතකයි නිට්ටඹුවේදී පැළපොල් විකුණමින් සිටි අම්මා කෙනෙක් පැළපොල් ටික මගේ අතේ තබලා මහන්සි ඇතිනේ පුතේ මේවා කන්න කියලා දුන්නු අවස්ථාව.මේ වගේ ජනතාවගේ සහය ලැබුණු අවස්ථා නම් අනන්නතයි.අප‍්‍රමාණයි.

ඒ වගේම තාත්තාගේ ආණ්ඩුවේම සිටි ඇතැම් හිටපු හා දැනුත් ඇමතිවරුවෙලා ඉන්න අය ඇතැම් ස්ථානවල අයට,පන්සල්වල හාමුදුරුවන්ය කියලා තිබුණා අපිව සම්බන්ධ කරගන්න එපා කියලා.ඇතැම් අයට තර්ජන පවා කර තිබුණා.යහපාලනේ තරම තමයි ඉන් ඔවුන් පෙන්නුම් කළේ.

මේ පා ගමනට වැඩි වශයෙන්ම සහභාගී වෙලා හිටියේ තරුණ පරම්පරාව වීම විශේෂ දෙයක්.රටේ සෑම තැනකින්ම පැමිණි තරුණයන් මේ පාගමනේ සුවිශේෂී පිරිසක් වුණා.ඔවුන් විනෝදයෙන් සතුටින් මේ පා ගමනේ යෙදීම කාගේත් අවධානයට ලක්වුණු දෙයක්.මත්පැන් පානයකින් තොරව මේ කණ්ඩායම් ගමන් කිරීමත් වැදගත් දෙයක්.ඔය යහපාලන දේශපාලකයන් පා ගමනෙන් මතු වූ ජනතා විරෝධය ගැන කතා කරනු වෙනුවට දැන් කතා කරන්නේ මගේ නැටුමක් ගැනයි.ඒක ‘රිලා නැටුමක්ලූ’අනේ මන්දා…මම අපේ පාගමන ගිය තරුණ පිරිසක් සමග නැටුවා තමයි.ඒක වැරැුද්දක්ද?මේ පා ගමනේ වෙහෙස,විඩාව මගහරවා ගැනීමට එය සතුටින් යෑම වරදක්ද?පා ගමනේ ගිය කිසිවෙකුටවත් එය වැරැුද්දක් වුණේ නම් නෑ.ඒත් යහපාලන මහත්වරුන්ට ඒක මහත් වැරැුද්දක් වීමයි මෙහි ඇති අරුමය.අනික මේ පා ගමන කිසිදු පුද්ගලයෙකු ඉලක්ක කර ගිය පා ගමනක් නොවෙයි.ආණ්ඩු විරෝධයක් ලෙස ගිය එකක් බවත් සදහන් කළ යුතුයි.

අපි මේ පා ගමන අතරතුරදී ධර්මසිරි සේනානායක මහතාගේ පිළිරුවටත්,බණ්ඩාරනායක සමාධියටත් ගරු කිරීමට සැලසුම් කර තිබුණා.ඒත් ධර්මසිරි මහතාගේ පිළිරුවට මල්මාලාව දැම්මාට පසු ඒ වාහනය දුන් අය අත්අඩංගුවට ගත්තා.එය පිළිකුල් සහගත කාර්යයක්.නිල අවසර අරගෙන ඒ වාහන අපි ලබාගෙන තිබුණත් අවසායේ එයට අහිංසකයෙක් ගොදුරු කරගත්තා.බණ්ඩාරනායක සමාධිය අපට තහනම් කලාපයක් කර තිබුණා.ඒත් අපට බණ්ඩාරනායක සමාධියට අපේ ගෞරවය අප හැකි ආකාරයට ඉටු කළා.පාගමන අවසානයේ රැුස්වීම පැවැත්වීමට ඉල්ලූ හයිඞ් පිටිය ලබාදුන්නේ නෑ.ඒ නිසා අපි ලිප්ටන් වටරවුම ජනතාවගේ වේදිකාව බවට පත්කර ගත්තා.කෙසේ වුවත් මේ පාගමනින් යහපාලන ආණ්ඩුව ‘තිගැස්වීමට’අපට හැකියාව ලැබුණු බව සත්‍යයක්.

එදා අපි කඩුගන්නාවේදී පසුකර එනකොට මාව යළිත් අත්අඩංගුවට ගන්නා බවට රාවයක් ගියා.බොහෝ අය සිතුවේ ඇත්තටම අත්අඩංගුවට ගනීවි කියලයි.ඒත් එදා එය වුණේ නැතත් ඉදිරියේදී එය සිදුවිය හැකියි.පාගමන නිසා භීතියට පත්ව සිටින යහපාලන ආණ්ඩුව යළිත් මාව අත්අඩංගුවට ගැනීමට සැලසුම් කරන බවක් පේනවා.ඇතැම් විටෙක ලබන සතියේ මේ තීරුව සිරගෙදර සිට ලිවීමටද සිදුවිය හැකියි.ඒත් පාගමනේ අවසානයේ දැනෙන්නේ සතුටක්.ජනතාව පීඩාවට පත්ව සිටින අවස්ථාවේ ජනතා මතය ආණ්ඩුවට දැන්වීමට හැකියාව ලැබීම අපට සතුටක්.පා ගමනට පැමිණි,සහභාගී වූ සෑම දෙනාටම ස්තූති කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා.ජනමාධ්‍යයටත්,සමාජ මාධ්‍ය ක‍්‍රියාකරුවන්ටත් ස්තූතියි. ලබන සතියේදී යළි හමුවෙමු.ඔබ සැමට සුබ අනාගතයක්.

නාමල් රාජපක්ෂ



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 1911920731777353325

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item