නාමල්ගේ නඩුවට තව අධ්‍යක්ෂවරියක රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගවර්ස් කෝපරේෂන් සහ එන්. ආර් කන්සල්ටන් සමාගම් සමග කළ ගනුදෙනුවක දී රුපියල් මිලියන 45 ක් රජයට පාඩු කළැයි...

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගවර්ස් කෝපරේෂන් සහ එන්. ආර් කන්සල්ටන් සමාගම් සමග කළ ගනුදෙනුවක දී රුපියල් මිලියන 45 ක් රජයට පාඩු කළැයි සුජානි බෝගොල්ලාගම ද අද (16) අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතව සිටි නමුත් ඇය අසනීප වී රෝහලේ පසුවන බව ඇගේ නීතිඥවරු උසාවියට දැන්වූහ.

ඇය එම සමාගම් දෙකේම අධ්‍යක්ෂවරියයි. එම සමාගම් දෙකේ තවත් අධ්‍යක්ෂවරියක වන නිත්‍යා සේනානි සමරනායක ලබන 22 දක්වා රිමාන්ඩ් කරන ලෙස ලංකා ජයරත්න මෙනවිය අද නියෝග කළාය.
 
නිත්‍යා සේනානි සමරනායක ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් සේවිකාවක් ලෙසද කටයතු කර තිබු අතර ශ්‍රී ලන්කන් සමාගමේ සිදුවූවා යයි කියන දුෂණ සෙවීමට පත් කල කමිටුවට සාක්ෂි දීමට ස්ව කැමැත්තෙන් මින් පෙර ඉදිරිපත් වී තිබුණු අතර, එහි තවත් පරීක්ෂණයක් සිදු කල ජනාධිපති කොමිසම හමුවේ මින් පෙරදී හිටපු ශ්‍රී ලන්කන් විධායක අධ්‍යක්ෂක සමග පැමිණ සාක්ෂි දෙනු ලැබීය.
 



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4670344739994817868

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item