ශ්‍රීලනිප සංවත්සරයට පළාත් පාලන නියෝජිතයන් 2000ක් වර්ජනය කරන බව දැනුම් දේ

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට සහභාගි නොවන බව ඒකාබද්ධ විපක්...

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන ආයතන නියෝජිතයන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට සහභාගි නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජිත සම්මේලනය සඳහන් කරයි.

එසේ ඔවුන් පක්ෂ සම්මේලනයට සහභාගී නොවීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පක්ෂ සංවත්සරයට සහභාගි වන බැව් ප්‍රකාශවීම නිසා බව ප්‍රකාශ කරමිනි.

සැප්තැම්බර් 04 වැනි දින කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට පාක්ෂිකයන් ගෙන්වා ගැනීමට නොහැකි වීම නිසා එම සංවත්සරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගිකර ගන්නා බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරන බවද එම සම්මේලනයේ කැඳවුම්කරු උදේනි අතුකෝරල  සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහතා නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු වැඩක් කිරීමට නොහැකි බවත්, ඒකාබද්ධ විපක්ෂය සමග සිටිනා ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන හිටපු නියෝජිතයන් 2000කට වැඩි පිරිසක් එම සම්මේලනය වර්ජනය කිරීමට තීරණය කළ බවද පවසා ඔහු ප්‍රකාශ කර සිටියේය.

මීට අමතරව පසුගිය බ්‍රහස්පතින්දා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන ආයතන කාන්තා නියෝජිතවරියන්ගේ සම්මේලනයක් පැවැත්වූ බවත්, ඒ සඳහා පක්ෂ පළාත් පාලන ආයතන හිටපු ශ්‍රීලංකා නිදහස් පක්ෂ නියෝජිතවරියන් සහභාගී නොවූ බවද කැඳවුම්කරු සඳහන් කළේය.

මේ නිසා එම අඩුව පුරවා ගැනීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් රාජකාරීමය වශයෙන් හමුවීමට පැමිණි කාන්තාවන් සහ ගම්වල සිටි කාන්තාවන්ද එම සම්මේලනයට කැඳවාගෙන පැමිණි බවද පවසා සිටියේය.

කුරුණෑගලදී පැවැත්වෙන පක්ෂයේ සම්මේලනයේදීත් සිදුවන්නේ සාමාජිකයන් නොමැති අර්බුදයකට මුහුණදීම බවත්, මේ නිසා එම අර්බුදයෙන් ගැලවීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම විකුණමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8244027205995395524

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item