චන්ද්‍රිකාගේ ගණන් හැදීම සහ ගෝඨා ෆෝබියාව

දේශපාලන කරලියේ ඉහලින් අවධානය දිනාගත් කාලීන මාතෘකා කිහිපයක් ඔස්සේ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් සහභා...

දේශපාලන කරලියේ ඉහලින් අවධානය දිනාගත් කාලීන මාතෘකා කිහිපයක් ඔස්සේ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් නීතිඥ උදය ගම්මන්පිල ඇතුළු පිරිසක් සහභාගී වූ මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

චොප්පෙට ගිය මුදල් ඇමති ධූරය

ආණ්ඩුවේ ජන පීඩක වැට් බදු වලට එරෙහිව විරෝධතා සංවිධානය කළ ව්‍යාපාරිකයින් මර්දනය කිරීමේ ලැජ්ජා සහගත උත්සාහයක යෙදී තිබෙනවා. දැනටමත් රේගුව යොදා ගෙන ව්‍යාපාර 7ක් මුද්‍රා තබා තිබෙනවා. මේ ආයතන සාතිශය බහුතරය වත්මන් ආණ්ඩුවට සහය දැක්වූ අය. ඒත් ආණ්ඩුවේ වැරදි පෙන්වා දීම නිසා අද ඒ අය උදහසට ලක් වෙලා. මීට පෙර මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් රවි කරුණානායක ඇමතිතුමාගෙන් අහනවා සමස්ත ලංකා වෙළඳ සංගමය ප්‍රකාශ කර තිබෙනවා වැට් බදු පනත ගෙනාවොත් ලංකාව පුරා කඩ වසා විරෝධය පල කරන බවට ප්‍රකාශ කරලා තියෙනවා ඒ ගැන මොකද්ද අදහස කියලා. එවිට ඇමතිතුමා කියනවා “එහෙම කලොත් නිසියාකාරව මම උත්තර ලබා දෙන්නම්. බෝඩ් ලෑලි ඔසවා කඩ වහන අය සදාකල්ම වහලා දානවා. අපට අවශ්‍ය නෑ ඒ අයව”. ඔබතුමාලට සැකයක් ඇතිවෙන්න පුළුවන් රටේ මුදල් ඇමතිතුමා එහෙම කතා කරන්නේ නෑ. ඔය මරදානේ චෝප්පේ කියපු දෙයක් මුදල් ඇමතිතුමා කිව්වා කියලා මම වරදවා තේරුම් අරගෙන ඇතියි කියලා. ඒ නිසා එතුමාගේ කතාවේ විඩීයෝ පටයත් මම ඔබට පෙන්වන්නම්.

ඇමතිතුමා චොප්පේ වගේ චණ්ඩි පාට් දාලා නිකන් හිටියේ නෑ. ඒක ක්‍රියාත්ම කලා. දැන් ව්‍යාපාරික ස්ථාන හතක් වහල දමල තියෙනවා. මේ ව්‍යාපාරික ස්ථානවලින් බහුතරය පසුගිය මැතිවරණවලදී වත්මන් ආණ්ඩුවට උදව් කල අයගේයි. නමුත් වත්මන් ආණ්ඩුවේ වැරදි පෙන්වා දීපු නිසා අද ඔවුන් ආණුඩුවේ උදහසට ලක්වී තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය යොදාගනිමින් අද ව්‍යාපාරික ප්‍රජාව මර්ධනයට මේ ආණ්ඩුව කටයුතු කරනවා. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවටයි ව්‍යාපාරික ප්‍රජාව මෙවැනි මර්දනයකට ගොදුරු වෙන්නේ. විරුද්ධ දේශපාලකයන්, කම්කරුවන්,ශිෂ්‍යයන්,ධීවරයන් මර්ධනය කලත් ව්‍යපාරිකයන්ට එරෙහිව මර්ධනයක් දියත්කල පළමු වතාව මෙයයි. ව්‍යාපාරික මර්දනය සඳහා රේගුව යොදා ගැනීම පිලිබඳ රේගුව සුරැකීමේ සංවිධානය තමන්ගේ දැඩි පිලිකුල දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා අපි ආණ්ඩුවයට සිහිපත් කරනවා වැරදි තැනකට අත තියලා තියෙන්නේ. ආණ්ඩුවට ආදායම ගෙන්නේ ව්‍යාපාරික ප්‍රජාව. සෘජු බදු ගෙවන්නේ,වක්‍රබදු එකතු දෙන්නේ ව්‍යාපාරික ප්‍රජාව ඒ නිසා ඒ අයට අත තබා මේ ආර්ථිකය බිමට සමතලා කරන්න එපා කියල අනතුරු ඇගවීම අපි ආණ්ඩුවට කරනවා.

චන්ද්‍රිකාට ගණන් බෑ

පසුගිය සති දෙක පුරාම තිබුණු සංවාදය වුණේ ගණන් පුළුවන් කාටද යන්නයි. පා ගමන් ගිය අයට ද? පා ගමනට විරුද්ධ අයට ද? ඒ සංවාදය තාමත් යනවා. පා ගමනට විරුද්ධ අයටයි ගණන් බැරි කියන එක ඊයේ චන්ද්‍රිකා මැතිණිය ප්‍රායෝගිකව පෙන්වා දුන්නා. ඊයේ එතුමියගේ කතාවක දී කියනවා යුද්ධයෙන් හතරෙන් තුනක් එතුමිය ඉවර කළාලු. එජාපයත් විශාල කොටසක් ඉවර කලාලු. ඒ නිසා මහින්ද මැතිතුමාට ඉතුරු වෙලා තිබුණේ හතරෙන් එකක්ලු. අපි තුනේ පන්තියේදි ඉදන් දන්නවා ¾ යි ¼ එකතු කළාම සම්පූර්ණ එකයි. ඒ කියන්නේ චන්ද්‍රිකා මැතිණියගේ ¾යි මහින්ද මැතිතුමාගේ ¼යි එකතු කලාම සම්පූර්ණ යුද්ධය හැදෙනවා. දැන් එතකොට එජාපය විසින් අවසන් කළා කියන විශාල කොටස කොහෙද තියෙන්නේ. එජාපය යුද්දයෙන් විශාල කොටසක් කළා කියන්නේ යුද්දේ නමින් කරපු සද්දේ ගැන නැත්නම් යුද්දේ නමින් කරපු සුද්දේ ගැන ද කියන එක එතුමිය පැහැදිලි කර්නන ඕන.

කොටි විරෝධි යුද්ධයේ අඳුරුතම සමය තමයි චන්ද්‍රිකා මැතිණියගේ සමය. එම යුද්ධයේ දැවැන්තම පරාජයන් තුන ලෙස සලකන හමුදා භටයින් දහස් ගණනින් අපට අහිමි වුණු මුලතිව්, අලිමංකඩ සහ වන්නි හමුදා කඳවුරු බිඳ වැටීම සිදු වුණේ එතුමියගේ සමයේ. අලිමංකඩ 2000 දී. වන්නි කඳවුරු පද්ධතිය 1999 දී මුලතිව් 1996 දී. මුලතිව් සටනේ දී කොටි 332ක් මැරෙන විට රණවිරුවන් 1,242කට දිවි පුදන්න සිදු වුනා. එතුමිය ජනපතිනිය වුණු අළුත ජනරාල් අනුරුද්ධ රත්වත්තේ සවිමත්ව සිටි නිසා රිවිරුස්ස මෙහෙයුම හරහා යාපනය බේරා ගැනීමට හැකි වුණු බව සිහිපත් කරන්න ඕනෑ. අපි කුහකවෙන්න නරකයි ඒක අමතක කරන්න. නමුත් පසුකාලීනව ඇය සිටියේ කොටි ඒජන්තයින්ගේ සිර අඩස්සියේ සිර කාරියක් බවට පත් වුණු නිසා 96 සිට එතුමිය ගෙදර යනතුරුම හැමදාම රණවිරුවන් දිගින් දිගටම පරාජය වුණේ. එහෙව් ඇය තමයි යුද්ධයෙන් ¾ක් ඉවර කළේ මමයි කියලා කියන්නේ. අපි එතුමියට අනුකම්පා කරන්න ඔනේ මොකද එතුමියගේ මොලයට බෝම්බ ප්‍රහාරයකින් හානි සිදුවේලා තියෙන්නේ. එතුමිය මෙවැනි ප්‍රකාශයන් කරලා මාධ්‍ය වලින් හිටපු ජනාධිපති කියලා මේවා පෙන්වන කොට එවා නිවැරදි කිරිමට අපි අනිවාර්යෙන්ම පෙළබෙනවා.

චන්ද්‍රකා ජනාධිපතිතුමිය කියන කතාවේ සමහරවිට ඇත්තක් තියෙන්නත් ඉඩ තියෙනවා. ජනාධිපතිතුමිය 1996න් පස්සේ හිටියේ කොටිත් එක්ක කියලා මම කලින් කිව්වා. ගුවන්තොටුපලට, වරායවල් වලට ප්‍රහාර එල්ල කරා, කොළඹ නිරන්තරයෙන් බෝම්බ පත්තු වුණා. එතුමියගේ කාළේ. එතුමිය හිටියේ කොටින්ගේ පැත්තෙනේ. කොටින්ගේ පැත්තෙන් බැලුවම නම් ¾ක් ඉවර කලා තිබුණේ. තව ¼ ඉවර කර ගන්න තිබුණේ මහින්ද මහත්තයා බලයට එන කොට. එතුමිය 95ට කලින් හිටිය පැත්තේ නෙවෙයි 96 පස්සේ හිටිය පැත්ත සලක බලද්දි නම් එතුමිය කියන යුද්ධයෙන් ¾ක් ඉවර වෙලා තිබ්බා කියන කතාව ඇත්ත. ¼ ඉවර කර ගන්න තිබුණේ හොද වේලාවට මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා කොටියා ඉවර කළේ නැත්නම් කොටියා යුද්ධයේ ඉතුරු ¼ ඉවර කරන්න ඉඩ තිබුණා. එතුමිය මොන පැත්තේ ඉදන්ද මේ කතාව කියන්නේ කිච්ච නම් හරි එතුමිය බොරුවක් කියලා නෑ. අපි කුලප්පුවෙලා තියෙන්නේ එතුමිය ඉන්නේ මොන පැත්තේද කියලා අවංකව ප්‍රකාශ කර නැති හින්දා.

ගෝඨාභය ෆෝබියා

ඒ වගේම කොටි පරදන යුද්ධයේ මහ මොලකරු වන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කොමිස් ගහලා පිටරට සල්ලි හංගලා තිබෙන බව පවසමින් හොරෙක් විදියට එතුමියගේ කතාවේ හංවඩු ගැහුව්වා. එතුමා වැනි අවංක පුද්ගලයෙකුට මඩ ගැසීම නිසා ලඟදීම එතුමියට වන්දි නඩුවකට මුහුණ දෙන්න සිදුවන බව නම් ඉර හඳ සේ විශ්වාසයි. මම අද උදෑසන ගෝඨාභය මැතිතුමාට කතා කළා. එතුමා අනිවාර්රයෙන්ම චන්ද්‍රිකා මැතිණියගෙන් වන්දි ඉල්ලා එන්තරවාසියක් යවන බව ප්‍රකාශ කලා. මේ දවස්වල උසාවි නිවාඩු නිසා එතුමාගේ නීතිඥයින් විදේශ ගත වෙලා. ඒ අය ආපු ගමන් එන්තරවාසිය යවන බව ප්‍රකාශ කලා.

මේ ආණ්ඩුවට ගෝඨාභය භීතිකාවක් නැතිනම් ෆෝබියාවක් තිබෙනවා. ආණ්ඩුව ආපු ගමන් රටට දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් ගෙනා ඇවන්ගාට් සමාගම විනාශ කලා ගෝඨාභය මැතිතුමා විනාශ කරන්න. ගෝඨාභය මැතිතුමා නම් විනාශ වුණේ නෑ. නමුත් ඇවන්ගාට් සමාගම කියන සම්පත විනාශ වුණා. ඊ ලඟට යුද හමුදා බුද්ධි අංශ නිලධාරින් නවදෙනෙක් අවුරුද්දක් පුරා රක්ෂිත බන්ධනාගාරයේ ඉන්නවා. එක්නැලිගොඩ අතුරුදහන් වීම පිලිබඳ ගෝඨාභය මැතිඳුන්ට විරුද්ධව සාක්ෂි දෙන්න බල කරමින්. ඒ අය ඒක ප්‍රතික්ෂේප කරන නිසා තවමත් හිරේ. නාවික හමුදා බුද්ධි අංශ නිලධාරින් තුන්දෙනෙක් හිරේ පදනම් විරහිතව රවිරාජ් ඝාතනය පිලිබඳ චෝදනා නගමින්. එතැනත් අවසන් ඉලක්කය ගෝඨාභය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක තාජුඩීන්ගේ මරණයට අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් හිරේ. එතැනත් අවසන් ඉලක්කය ගෝඨාභය මැතිඳුන්. මේ රණවිරුවන් කවුරුවත් මේ ජාතික වීරයාට එරෙහිව බොරු සාක්ෂි නොදෙන නිසා තමයි තවමත් හිරේ ඉන්නේ. සිඳිත මඩිත එක ලෙස විහිදෙයි සුවඳ කියන කවිය සිහිපත් කරමින් සඳුන් ගහ වගේම ගෝඨාභය මැතිතුමාත් කපන්න කපන්න වැඩි වැඩියෙන් සුවඳ හමනවා.

කොටි ත්‍රස්තයින්ට විෂ එන්නත් දීම

හමුදාවට යටත් වුණු කොටි ත්‍රස්තයින් දිගුකාලීනව රෝගී වී මිය යන්න රඳවා ගෙන සිටි සමයේ විෂ එන්නත් විදලා ඇති බවට වික්‍රමබාහු කරුණාරත්න මහත්තයා චෝදනා නගනවා. මෙවැනි බරපතල චෝදනාවක් රටේ හමුදාවට නගන්න ප්‍රමාණවත් සාක්ෂි තිබෙන්න ඕනි. නැතිනම් වික්‍රමබාහු අත්අඩංගුවට ගන්න ඕනෑ. අපේ රණවිරුවන් අපකීර්තියට පත් කරන්න ගොඩ නගන අළුත්ම යුද අපරාධ චෝදනාව ඕක. හමුදාව කිසිසේත්ම එවැනි දෙයක් සිදු කලේ නෑ. 13,000කට ආසන්න කොටි සාමාජිකයින් ගණනක් කරේ එල්ලුණු සයිනයිඩ් කරල හපලා සිය දිවි හානි කර ගන්නේ නැතුව හමුදාවට යටත් වුණේ තමන්ට වද හිංසා නොකරාවි යන විශ්වාසය තිබුණු නිසා. ඒ අය පුනරුත්ථාපනය කරලා වෘත්තීය පුහුණුව ලබා දීලා ඉංග්‍රීසි පරිගණක අධ්‍යාපනය ලබා දීලා තෑගි සමග ඥාතීන්ට බාර කලා. මේ සියල්ල කලේ වසර දෙකක් ඇතුලත. ලෝකයේ කිසිම රටක් ත්‍රස්තවාදින්ට එහෙම සලකලා නෑ. එහෙව් රණවිරුවන්ට තමයි මේ විෂ එන්නත් චෝදනාව කරන්නේ.

ඇත්තම තත්වය තමයි විෂ එන්නත විදලා තිබෙන්නේ වික්‍රමබාහුට. ඔහුට බටහිර රටවල් දෙමළ බෙදුම්වාදි විෂ බීජය එන්නත් කරලා තිබෙන්නේ. ඒ නිසා තමයි මේ වගේ මනෝ විකාර කියන්නේ. ඒ ලෙඩේට බෙහෙත් ගත්තාම ඔය වගේ විකාර කතා ආයෙත් කියැවෙන එකක් නෑ.

ජනාධිපතිතුමාට පිලිතුරු ලිපි දෙකකින්

පසුගිය සෙනසුරාදා ජනාධිපතිතුමා රූපවාහිනි සාකච්ඡාවකට සහභාගි වුණා. එහි දී මගේ නම නොකියා මට විරුද්ධව කරුණු දෙකක් කිව්වා. හනුමා පාලම හැදුවොත් ජාතික ආරක්ෂාව නාමයෙන් පුපුරුවා හැරීමට වුවත් අපි සූදානම් කියූ කොළඹ දිසාවේ මන්ත්‍රිවරයා මමයි. ලාල් විජේනායක කමිටු වාර්තාවේ පිටපතක් අස්ගිරි මහ නායක හාමුදුරුවන්ට භාර දුන්නු දේශපාලකයා මමයි. ඒ කාරණා දෙක සම්බන්දයෙන්ම ඔබතුමා මාධ්‍ය හමුවේ දී කිව්වේ පට්ටපල් බොරු. ඔබතුමාට මම බොරුකාරයා කියලා කියන්නේ නෑ. ඔබතුමාගේ කාර්ය බහුලත්වයත් එක්ක ඔබතුමා ගාව ඇති උපදේශකයෝ මේ කාරණා සම්බන්දයෙන් මාධ්‍ය හමුවට කලින් තොරතුරු ලබා දීලා උපදෙස් දෙන්න තිබුනා. මේ උපදේශකයෝ කරුණු කාරණා නොදන්න මෝඩ පිරිසක් එහෙම නැත්නම් ඔබතුමාට උපදේශකයෝ විදිහට සමිපව වාඩි වෙලා ඉන්නේ ඔබතුමාගේ පරම හතුරන් පිරිසක්. ඒ නිසා ඉදිරියේ දී මේ කාරණා දෙකේ සැබෑ තත්වය ජනපතිතුමාට පැහැදිලි කරලා ලිපි දෙකක් යවන්න බලාපොරොත්තු වෙනවා. එතුමා ඒවා නම් කියවන එකක් නෑ. මම ඒවායේ පිටපත් මාධ්‍ය වලට එවනවා මුද්‍රිත මාධ්‍ය වලින් ඉල්ලනවා ජාතික යුතුකමක් ඉටු කරන්න කියලා කරුණාකර ඒවා කොහේ නැතත් පත්තරේ දාන්න. ඒක රට ජාතිය වෙනුවෙන් කරන්න පුළුවන් ලොකු සේවයක්. එතකොට වත් එතුමා මේවායේ ඇත්ත තත්වය දැන ගනීවි.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 3193634051702257735

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item