නැවතත් උසේන් බෝල්ට් 100m රන් පදක්කම දින ගනියි

මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ලොව වේගවත්ම මිනිසා ලෙසින් යළි අභිෂේක ලබන්නට ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් මීට සුළු මොහ...

මෙවර රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ලොව වේගවත්ම මිනිසා ලෙසින් යළි අභිෂේක ලබන්නට ජැමෙයිකානු සුපිරි කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ, මීටර් සියය පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින්.

උසේන් බෝල්ට් තරගය නිම කිරීම සඳහා වැය කළ කාලය තත්පර 09.81ක්.  2012 ලන්ඩන් ඔලිම්පික් හිදී ඔහු වාර්තා කල කාලය 9.63කි.

බ‍්‍රසීල අනාවැකිකාරියක් උසේන් බෝල්ට්, අමෙරිකාවේ ජස්ටින් ගැට්ලින් හමුවේ මෙවර පරාජය වන බව අනාවැකි පළ කර තිබුණා.

කෙසේවෙතත් ජස්ටින් ගැට්ලින්ට අවසන් තරගයේදී හිමිවූයේ රිදී පදක්කමයි.

ගැට්ලින්ගේ තරග නිමි කාලය තත්පර 09.89 ක්. එම ඉසව්වේ ලෝකඩ පදක්කම කැනඩාවේ අන්ද්‍රේ ඞී විසින් දිනාගත්තා.





මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

විදෙස් 454464559965893531

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item