පොලිස්පති නමින් කතුන් රවටලා - 1ක් අත්අඩංගුවට

පොලිස්පතිවරයා නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කරමින් කාන්තාවන් රැවටූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන ...

පොලිස්පතිවරයා නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කරමින් කාන්තාවන් රැවටූ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනයකදී සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කර ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

සැකකරු නවසීලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු බවට හඳුනාගෙන ඇති අතර ඔහු නවසීලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව ඔහු ඊයේ(06) දිනයේ දී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව සැකකරු හෙට(08) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව සඳහන්ය.

මේ අතර අන්තර්ජාලය භාවිත කරමින් මෙවැනි අපරාධ සිදුකරන පුද්ගලයින් පිළිබඳව වරින් වර තොරතුරු වාර්තා වන බව පොලීසිය සඳහන් කළේය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7079943142027394745

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item