ශ්‍රීලනිප 65 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය හෙට(04) කුරුණෑගල, මාලිගාපිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර ත...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය හෙට(04) කුරුණෑගල, මාලිගාපිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වීමට මේ වන විට සියලු කටයුතු සුදානම් කර තිබේ.

වර්ෂ 1951 සැප්තැම්බර් මස 02 වනදා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පිහිටවනු ලැබීය.

එවකට රාජ්‍ය බලය හෙබ වූ එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරමින් ඉන් ඉවත් වූ එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා ඇතුළු පිරිසක් සඝ, වෙඳ, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග පෙරටුකර ගනිමින් නිදහස් පක්ෂය පිහිටුවීමට මුල් වී කටයුතු කළේය.

අනතුරුව 1956 පැවැති මහ මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණ ලෙස මහ මැතිවරණයට එක් වූ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉන් විශිෂ්ඨ ජයක් හිමි කර ගනු ලැබීය.

පීඩිත පංතිය වෙනුවෙන් ක්‍රියාමාර්ග රැසක් ගනිමින් සිටියදී නිදහස් පක්ෂයේ නිර්මාතෘවරයා වන බණ්ඩාරනායක මහතා 1956 සැප්තැම්බර් මස 25 වනදා ඝාතනයට ලක් වෙයි.

බණ්ඩාරනායක මහතාගේ අභාවයෙන් පසුව 1960 වර්ෂයේ මැයි මස 07 වනදා පක්ෂ සභාපතීත්වය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියට හිමිවන අතර ඇය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස ද තේරී පත් වූවාය.

කෙසේ වෙතත් 1977න් පසුව 1994 දක්වාම නිදහස් පක්ෂයට රාජ්‍ය බලයක් හිමි නොවූ අතර 1994 දී යළි රාජ්‍ය බලය ලැබෙන තුරුම සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය නිදහස් පක්ෂයට නායකත්වය දෙනු ලැබීය.

1994 වසර්ෂයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතීත්වය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට හිමි වන අතර ඇය මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම විධායක ජනාධිපතිවරිය ලෙස තේරී පත් වූවාය.

අනතුරුව 2005 වසරේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනගමින් මහින්ද රාජපක්ෂ මහතා විධායක ජනාධිපතිධුරයට පත් වන්නේ පක්ෂයේ නායකත්වය ද තමන් සතු කර ගනිමිනි.

තිස් වසරක් පුරා පැවැති යුද්ධය නිමාවට පත් කරමින් මාතෘ භූමියට නිදහස අත්කර දුන් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට නායකත්වය දෙමින් 2010 වසරේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර බලයක් හිමි කර ගැනීමට සමත් වෙයි.

අනතුරුව 2015 වසරේ ජනවාරි මස 08 වනදා මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත් කරමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මෙරට විධායක ජනාධිපති ධුරයට පත් වන අතර ඒ අනුව ඔහුට පක්ෂ සභාපතීත්වය ද හිමි වෙයි.

සියලු අභියෝගය මැද පක්ෂයට මෙන්ම රටට ද නායකත්වය ලබා දෙන මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දිනයේ 65 වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරය සැමරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබේ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 6938664939144704428

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item