වර්තමාන පරම්පරාව රටට ආදරේ කරනවා කියන එක පිළිගන්න අපි සූදානම් නෑ

සිය පියාගේ ආ‍භාෂයෙන් ජන සංගීතය හදාරමින් ජන නාද රටා වර්තමාන පරම්පරාවට ගෙන ඒමට රන්වල බළකායේ මූලිකත්වය දරණ සහන් රන්වලයන් ජන සංගීතය වර්තමාන න...



සිය පියාගේ ආ‍භාෂයෙන් ජන සංගීතය හදාරමින් ජන නාද රටා වර්තමාන පරම්පරාවට ගෙන ඒමට රන්වල බළකායේ මූලිකත්වය දරණ සහන් රන්වලයන් ජන සංගීතය වර්තමාන නිර්මාණකරුවන් භාවිත කිරීම පිළිබඳසඳහන් කළේ මෙලෙසිනි.

"ඉස්සර හොඳයි, දැන් හරි නෑ කියන අදහස තුළ මම නැහැ. මම දකින්නෙ මේ වෙනකොට අපේ රටේ ඉතිහාසය ගැන හොයන තරුණ පරම්පරාවක් රටේ ඉන්නවා කියලයි. හැමවිටම මිනිස්සු කියන දෙයක් තමයි ‘“ඒ කාලේ හොඳයි අප්පා... දැන් බලන්න කෝ....* කියන එක. හැමදේකටම එහෙම දෙයක් කියනවා.

එහෙම දෙයක් කියන්නෙ අපි තුළ තියෙන කුහකත්වය නිසයි. වර්තමාන පරම්පරාව රටට ආදරේ කරනවා කියන එක පිළිගන්න අපි සූදානම් නෑ. දැන් තරුණ පරම්පරාවට ඉස්සරට වඩා මේ ගැන ගැන ආදරයක්, උනන්දුවක් තියෙනවා. ඒ වගේ අය ලංකාවෙත් ලෝකෙ පුරාත් හමුවෙලා තියෙනවා. බටහිර සංගීතය හෝ ඉන්දියානු රාගධාරී සංගීතය විෂයක් ලෙස වර්ධනය වී හමාරයි. ජන සංගීතය ඉගෙන ගන්න. සිනමාව ඇමෙරිකාවේ ගිහින් ඉගෙන ගත්තා කියලා ඒ නිර්මාණ කරන්න බැහැ. ඒ රටේ ඥානය අරන් අපේ දේ පෝෂණය කරමු. අපේ ගේ ලස්සන කර ගත්තොත් අපිට නම්බුව. අපි අනුන්ගෙ ගෙවල් කොතරම් අලංකාර කළත් අපිට යන්න වෙනවා. ලංකාවෙ හොඳටම නටන බ්‍රේක් ඩාන්ස් වුණත් විදේශ රටක බ්‍රේක් ඩාන්ස් කරන කෙනා එක්ක බැලුවම පහළ මට්ටමක ඉන්නෙ. අපි කොච්චර ටයි දැම්මත්, අපිට සරම ඕන. අපි මේ රටේ මිනිස්සු.

අපි කිමෝනාව ඇන්ද කියලා ජපනෙක් වෙන්නෙ නැහැ. අපි ඉපදුන දවසේ අම්මා අතට අරන් ප්‍රාර්ථනා කරන්නේ මේ රටට වැඩදායී මිනිසෙක් වෙන්න කියන එක. එහෙම නැතුව පොෂ් කොල්ලෙක් වෙයන් කියන්නෙ නැහැ. අපේ රටේ දේවල් සඳහා කාලය, ශ්‍රමය, ධනය වියදම් කරන්න නිර්ලෝභි විය යුතුයි."




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

තරුකැට 1007667058313532233

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item