මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මැතිවරණ කොමිසම විසින් එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ බලයලත් නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් අද (11) සිදුකර ඇත....

මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

මැතිවරණ කොමිසම විසින් එළැඹෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ බලයලත් නියෝජිතයන් පත්කිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් අද (11) සිදුකර ඇත. මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්.ඒ.එල්. රත්නායක මහතා විසින් යොමුකළ නිවේදනයට අනුව, පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතට අනුව බලයලත් නියෝජිතයන් පත්කිරීම, නාමයෝජනා කැඳවීමේ කාලසීමාව ආරම්භ වීමට පැය 72කට පෙර සිදුකළ යුතුය.

මෙම මස 3වනදා නාමයෝජනා දැන්වීම පළකළ පළාත් පාලන ආයතන 336ක් සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා බලයලත් නියෝජිතයන් පත්කිරීමේ ලිපි මාර්තු 14වනදාට පෙරවරු 8.30ට පෙර ඒ ඒ පළාත් පාලන ආයතනයේ තේරීම්භාර නිලධාරී වෙත ලබාදිය යුතුය. ස්වාධීන කණ්ඩායම් සම්බන්ධයෙන්, අදාළ කණ්ඩායම් නායකයා විසින් ඇප මුදල් තැන්පත් කරන අවස්ථාවේදී, අපේක්ෂකයන් අතරින් යම් තැනැත්තකු එම කණ්ඩායමේ බලයලත් නියෝජිතයා ලෙස පත්කළ හැකි බව මැතිවරණ කොමිසම පැහැදිලි කරයි.

මීට අමතරව, මාර්තු මස 13වනදා පෝය දිනයක් වුවද, මැතිවරණ කොමිසමේ ප්‍රධාන කාර්යාලය සහ සියළුම දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල විවෘතව තබා ඇති බව නිවේදනයේ දක්වා ඇත. මෙම කාර්යාල ඔස්සේ අදාළ කටයුතු සිදුකිරීමට අවශ්‍ය පහසුක ලබාදී ඇති බවත් මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 2618598903800195259

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item