අධික නියඟයෙන් රටම වියෑළෙයි - වැඩිම බලපෑම පොළොන්නරුවට

දිවයිනේ දිස්‌ත්‍රික්‌ක ගණනාවකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය මෙම මස අග දක්‌වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  ...

දිවයිනේ දිස්‌ත්‍රික්‌ක ගණනාවකට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය මෙම මස අග දක්‌වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

වියළි කාලගුණයෙන් පොලොන්නරුව, අනුරාධපුර, වවුනියාව, යාපනය, ත්‍රිකුණාමලය ඇතුළු දිස්‌ත්‍රික්‌ක ගණනාවකට බලපෑම් එල්ල වී ඇති අතර වැඩිම බලපෑමක්‌ ඇත්තේ පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයටයි.

පොලොන්නරුව දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස 7 න් 6 කම ජනතාව වියළි කාලගුණය නිසා පීඩාවට පත්ව ඇති අතර පවුල් 14,348 ක පුද්ගලයෝ 52,514 ක්‌ මෙසේ පීඩාවට පත්ව සිටිති. මේ අතරින් වැඩිම පිරිසක්‌ පීඩාවට පත්ව ඇත්තේ වැලිකන්ද ප්‍රදේශයේය.

ළිං සහ ජල මූලාශ්‍ර සිඳී යැම නිසා පිරිසිදු පානීය ජලය නොමැති වීමෙන් ජනතාව පීඩාවට පත්ව සිටිති.

තම පළාතේ වියළි කාලගුණයෙන් පීඩා විඳින ජනතාවට ජලය බෙදාහැරීමේ කටයුතු සඳහා වැඩපිළිවෙළ රැසක්‌ ක්‍රියාවට නංවා ඇතැයි උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පැවසීය.

අධික වියළි කාලගුණය සමඟ ජලාශ රැසක ජල මට්‌ටම ද ශීඝ්‍රයෙන් පහළ බැස ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පරාක්‍රම සමුද්‍රය, ගිරිතලේ සහ මින්නේරිය ඇතුළු ජලාශවල ජල මට්‌ටම විශාල ලෙස පහත වැටී තිබේ.

දැඩි වියළි කාලගුණය සමඟ වනසතුන් ද ජලය සොයා ගම්මාන අසල ජල මූලාශ්‍ර අසලට පැමිණ ඇතැයි ද වාර්තා වේ.

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ කොලොන්න ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ජනතාව ද වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටිති.

මේ අතර ගත වූ පැය 24 ක කාලය තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ත්‍රිකුණාමලයෙන් වාර්තා විය. එය සෙල්සියස්‌ අංශක 37 කි.

ඊට අමතරව වවුනියාව දිස්‌ත්‍රික්‌කයෙන් සෙල්සියස්‌ අංශක 36 ක ද පොලොන්නරුවෙන් සෙල්සියස්‌ අංශක 36.2 ක ද පොතුවිල්වලින් සෙල්සියස්‌ අංශක 35.4 ක ද මොනරාගලින් සෙල්සියස්‌ අංශක 35.1 කද උෂ්ණත්වයක්‌ වාර්තා විය.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7549373313721999538

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item