දිනාදුන් නිදහස රැකගැනීමට මේ වන විට නැවත නැවත ක්‍රියාමාර්ග ගත යුතුව පවතිනවා

රට තුළ පැවති කුරිරු ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීම පිණිස එදා රණවිරුවන් ජීවිත පූජා කළේ රටේ හෙට දිනය වෙනුවෙන් නිසා දිනාදුන් නිදහස රැකගැනීම ප...

රට තුළ පැවති කුරිරු ත්‍රස්‌තවාදය මුලිනුපුටා දැමීම පිණිස එදා රණවිරුවන් ජීවිත පූජා කළේ රටේ හෙට දිනය වෙනුවෙන් නිසා දිනාදුන් නිදහස රැකගැනීම පිණිස මේ වන විට නැවත නැවත ක්‍රියාමාර්ග ගත යුතුව පවතින බව ඒකාබද්ධ විපක්‍ෂයේ හා මහජන එක්‌සත් පෙරමුණ නායක දිනේෂ් ගුණවර්ධන කතරගම කිරිවෙහෙර විහාරස්‌ථාන භූමියේදී පසුගියදා පවත්වන ලද අධිෂ්ඨාන පූජාවකට එක්‌වෙමින් පැවසීය.

මහජන එක්‌සත් පෙරමුණ හා වෙනත් සංවිධාන එකමුතුවකින් සංවිධානය කරන ලද අධිෂ්ඨාන පූජාවකට එක්‌වෙමින් එසේ අදහස්‌ දැක්‌වූ ඒ මහතා වසරක්‌ පාසා පවත්වනු ලබන මෙම අධිෂ්ඨාන පූජාව 22 වැනි වරටද කතරගම කිරිවෙහෙර පූජා භූමිය තුළදී මහා සංඝරත්නයේ ආශීර්වාදයෙන් පවත්වා රටේ ඒකීයභාවයත්, විදේශ බලවේගවලට රට යටත් නොවීම පිණිසත් ගෙනයන්නා වූ මෙම ජනතා පෙළගැස්‌සවීමේ වැඩපිළිවෙළ රට පුරා ව්‍යාප්ත කිරීමට කටයුතු කරන බව වැඩිදුරටත් පැවසීය.

තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා රටේ අර්බුද පවත්නා අවස්‌ථාවන්හි කතරගම පුරවරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කරනු ලබන රටට වැඩදායී වැඩසටහන් සාර්ථක වන බවත්, ඊනියා ෙµඩරල්වාදය පරදා රටට අවශ්‍ය ජයග්‍රහණ උදාකරදී දේශය ආරක්‍ෂා කරමින් ජනතා අදහස්‌වලට ගරුකරන රජයක්‌ බිහිකරගැනීමත් පක්‍ෂයේ හා මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණ බැවින් මෙම අධිෂ්ඨාන පූජාව සඳහා රටට හිතකර බලවේග සියල්ල එක්‌වී ඇති බවද පැවසීය.




මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 7763622284247779602

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item