රජය කළා යයි කියන මහා සංවර්ධනය කොහේ කළාදැයි පෙනෙන්නේ නැහැ

නව රජය බලයට පත්ව මේ වන විට වසර දෙකකට ආසන්න වී තිබෙනවා. ඒ කාලය තුළ මහා සංවර්ධන කාර්යයක්‌ සිදු කළාලූ ඒවා කොහේ කළා ද දන්නේ නැහැ. රටේ පාලකයන්...

නව රජය බලයට පත්ව මේ වන විට වසර දෙකකට ආසන්න වී තිබෙනවා. ඒ කාලය තුළ මහා සංවර්ධන කාර්යයක්‌ සිදු කළාලූ ඒවා කොහේ කළා ද දන්නේ නැහැ. රටේ පාලකයන් කියන සංවර්ධනය පෙනෙන්නේ එක්‌තරා රජෙකුගේ ඇඳුම වගේ. සීතාම්භර පට වස්‌ත්‍රයෙන් සැරසුණු බව කියන රජුගේ කථාව වගේ. සංවර්ධනය කළාලු.

නමුත් කාටත් පේන්නේ නැහැ. හිටපු ජනාධිපතිs මහින්ද රාජපක්‌ෂ මහතා මේ අදහස්‌ පළ කළේ හිටපු කෘෂිකර්ම හා ඉඩම් අමාත්‍ය දිවංගත හෙක්‌ටර් කොබ්බෑකඩුව මහතාගේ තිස්‌තුන් වන ගුණඅනුස්‌මරණ උත්සවය හා සියවැනි ජන්ම දිනය නිමිත්තෙන් පිළිමතලාව ඌරාපොල ශ්‍රී අභයරාජ විහාරස්‌ථානයේ පැවැතිs උත්සව සභාව අමතමිනි. 

හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එදා හෙක්‌ටර් කොබ්බෑකඩුව මැතිතුමා කළ කැපවීම නිසයි ගොවියාට විශාල සහනයක්‌ ලැබුණේ. ඉඩම් ප්‍රතිසංස්‌කරණ යෝජනා ගෙනවිත් අධිරාජ්‍යවාදී වතු සමාගම් සතු විශාල බිම් ප්‍රමාණයක්‌ ජනතාසතු කිරීමට එතුමා පියවර ගත්තා. ඉඩම් ලක්‌ෂ ගණනින් ජනතාවට හිමිවුණා. එවැනි කැපකිරීම් කළ, එවැනි මහජන නියෝජිතයන් අද නැහැ. එතුමා දිවිහිමියෙන් ඇතිකරපු ඉඩම් කොමිසම මේ ආණ්‌ඩුව නැවත ආපස්‌සට හරවන්න හදනවා ඒ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ නායකයන් අද වගේ දවසක හිටියා නම් කොතරම් දුක්‌වෙයිද කියලා මට හිතෙනවා. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට අද උදාවී තිබෙන තත්ත්වය දන්නේ නම් පක්‌ෂයේ නිර්මාතෘවරුන් වන එස්‌.ඩබ්ලිව්. ආර්.ඩී.බණ්‌ඩාරනායක මැතිතුමා මෙන්ම සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය, පමණක්‌ නොව දිවංගත හෙක්‌ටර් කොබ්බෑකඩුව වැනි අභීත පුද්ගලයන් පවා ශෝකයට පත්වේවි. 

සුද්දන් වෙනුවෙන් පෙනී සිටි කළු සුද්දන්ගේ පක්‌ෂයක්‌ වන එක්‌සත් ජාතික පක්‌ෂය මෙරට වැසියන්ට නොගැළපෙන නිසයි සඟ, වෙද ගුරු ගොවි කම්කරු යන පංච මහා බලවේග ඒකරාශී කොට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය නිර්මාණය කළ බව ප්‍රකාශ කළ අතර පවතින ව්‍යවස්‌ථාව තුළින් බලාපොරොත්තු වන්නේ ඇතැම් පාර්ශ්වවල අරමුණු ඉටුකිරීම හා ඒ සඳහා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව ඊට උචිත ලෙස සංශෝධනය කිරීමට පියවර ගන්නා බව දක්‌නට ලැබෙන අතර, රටේ සංහිඳියාව සහතික කරන බව කීවත් අද උතුරේ සංහිඳියාව බිඳ වැටෙන තත්ත්වයක්‌ උදා වී තිබෙනවා. අද මාධ්‍යයට පවා බලධාරීන් උපදෙස්‌ දී තිබෙන්නේ රටේ සංහිඳියාවට බාධා වන බැවින් එම තොරතුරු වාර්තා නොකරන ලෙසයි.

කළු සුද්දන්ගේ තාඩන පීඩනවලට එරෙහිව බිහිවූ පක්‌ෂයක්‌ ප්‍රතිපත්ති, හැසිරීම හා ක්‍රියාකලාපයෙන් කළු සුද්දන්ගේ මාවතේ යන එක්‌සත් ජාතික පක්‌ෂයට සම්බන්ධවීම සිදු නොවිය යුත්තක්‌.

පක්‌ෂයක්‌ බෝඩ් ලෑල්ලකට හෝ කාර්යාලයකට පමණක්‌ සීමා නොවිය යුතුයි. පක්‌ෂය තිබිය යුත්තේ ජනතාවගේ හදවතේයි. ජනතා හදවත තුළ නොමැති පක්‌ෂයක්‌ ජනතාවගේ පක්‌ෂයක්‌ කියන්නේ කෙසේද? අද පක්‌ෂයට ඒ ඉරණම උදාවී තිබෙන්නේ ප්‍රතිපත්තිවලින් නොගැළපෙන පක්‌ෂයක්‌ සමඟ එක්‌වූ නිසයි.

ඒකාබද්ධ විපක්‌ෂය ශක්‌තිමත් වන විට එය පාලනය කිරීම සඳහා රජය උපක්‍රම කිහිපයක්‌ භාවිතා කරනවා. එµa.සී.අයි.ඩී. ආයතනය, අල්ලස්‌ කොමිසම, අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව වැනි ආයතන තුළින් කරන්නේ රජයට විරුද්ධ මන්ත්‍රීවරු පාලනය කිරීම යෑයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඌරාපොල පිරිවෙන් පරිවේණාධිපති පූජ්‍ය මොරගොල්ලේ ජිනරතන හිමියන්ගේ මුලසුන යටතේ පැවැති මෙම උත්සවයට මහනුවර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක්‌ සහභාගීව සිටියහ.



මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 4343751599757850538

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item