මල්වතු නා හිමිගේ ප්‍රකාශයට විමල්ගේ පිළිතුර

නොවැම්බර් මාසයේදී නව ව්‍යවස්ථා කෙටුම්පත පැමිණි පසුව එම ව්‍යවස්ථාව වැරැදි බවට මල්වතු මහනාහිමියන් කියනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ල...

නොවැම්බර් මාසයේදී නව ව්‍යවස්ථා කෙටුම්පත පැමිණි පසුව එම ව්‍යවස්ථාව වැරැදි බවට මල්වතු මහනාහිමියන් කියනු ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පැවසීය.

හෙතෙම මේ බව පැවසුවේ, අද (19දා) පිටකෝට්ටේ පිහිටි එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.මල්වතු මහනාහිමියන් මුණගැසුණු අවස්ථාවේදී සඳහන් කළ හමුදා කඳවුර ඉවත් කිරීමේ සිද්ධිය ගැනද වීරවංශ මහතා මෙහිදී අදහස් දැක්වීය.

මලවතු මහ නාහිමියන් මුණගැසුණු අවස්ථාවේදී උන්වහන්සේ දැක්වූ ප්‍රතිචාරය සම්බන්ධව අදහස් දැක්වූ විමල් විරවංශ මහතා,

“අපි අපේ විශ්වාසය කිව්වා. උන්වහන්සේ උන්වහන්සේගේ විශ්වාසය කිව්වා. නොවැම්බර්වල ඔය කෙටුම්පත ගේනවා. එතකොට බලතහැකි උන්වහන්සේ තබන ලද විශ්වාසය නිවැරදිද,අහිංසක ගිහියෙකු වන මා ඉදිරිපත් කරන ලද නිගමන නිවැරදිද කියලා. අපේ රටේ ගරු කටයුතු බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් වන මල්වතු මහනාහිමියෝ දුර දක්නා නුවණින් පාලකයන් පිළිබඳව තබා තිබෙන විශ්වාසය නිවැරදිද කියා නොවැම්බර්වල කෙටුම්පත ආවම බලාගන්න පුළුවන්.

එහෙම නැත්නම් මම ඉදිරිපත් කරන ලද පුරෝකථන නිවැරදිද කියලා. උන්වහන්සේ සිටින නිගමනය නිවැරදිද නෑ කියලා එම අවස්ථාවේදී ප්‍රත්‍යක්ෂව පෙනුනොත් උන්වහන්සේ එදාට කියාවි මේ ව්‍යවස්ථාව වැරදියි කියලා. උන්වහන්සේට ඒ හැකියාව තියෙනවා කියලා අපි විශ්වාස කරනවා.”යනුවෙන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.






මෙම පුවතට අදාලව පහතින් COMMENT කරන්න.

Post a Comment

emo-but-icon

Related

පුවත් 8462952545561052971

දවසේ වීඩියෝව

ජනප්‍රිය පුවත්

උණුසුම් පුවත්

Recent Posts Widget

item